Loading...
"මාස කිහිපයක් නොව, සති කිහිපයක් ඇතුලත ඇමෙරිකාව තුල TikTok තහනම් වනවා." - ධවල මන්දිරය පවසයි

මීට දින කීපයකට කලින් ඇමෙරිකාව තුල TikTok තහනම් කිරීමට යන බවට එරට රාජ්‍ය ලේකම් වන Mike Pompeo මහතා සඳහන් කලා. ඔහු ඒ ගැන කියා සිටියේ TikTok තහනම් කිරීම සඳහා ට්‍රම්ප් රජයේ "අවධානය යොමුව ඇති බවයි.” මේ ගැන Android වැඩකාරයෝ අපි ඔයාලව දැනුවත් කලා.

ඉතින් දැන් පල වෙන අලුත් ම වාර්තා වලට අනුව ඇමෙරිකාවේ ධවල මන්දිරයෙන් TikTok තහනම් කිරන කාල සීමාව ගැන පොඩි hint එකක් දුන්නා. කලින් සඳහන් කරා වගේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo මහතා මීට කලින් ප්‍රකාශ කලේ TikTok තහනම් කිරීම ගැන "අවධානය යොමු වී තිබෙන බවක්” විතරයි. ඉතින් දැන් ජනාධිපති Trump මහතාගේ කාර්‍ය මණ්ඩල ප්රධානී වන Mark Meadows මහතා සඳහන් කලේ මෙය නියත වශයෙන් ම තහනමට ලක් වන බවත්, එය ලබන මාස කීපය ඇතුලත නොව, ලබන සති කීපය ඇතුලත සිදු වන බවයි.

“There are a number of administration officials who are looking at the national security risk as it relates to TikTok, WeChat and other apps that have the potential for national security exposure, specifically as it relates to the gathering of information on American citizens by a foreign adversary”

“I dont think there’s any self-imposed deadline for action, but I think we are looking at weeks, not months.”                                                                                               - Mark Meadows, President’s Chief of Staff.

කෙසේ වෙතත් TikTok ලා ඔවුන්ගේ app එක security threat එකක් කියන චෝදනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඔවුන් පවසන්නේ TikTok හි Chinese version එක වන Douyin app එකෙන් දුරස් වීමට ඔවුන් පියවර ගෙන ඇති බවයි. මේ වෙද්දි TikTok හි අලුත් CEO විදිහට Disney සමාගමෙ හිටපු විධායක නිළධාරියෙකු වූ Kevin Meyer මහතා පත් කරලා තියෙනවා වගේම මීට සති කීපයකට කලින් හොංකොං රාජ්‍යයෙන් පවා ඔවුන් සිය සේවාවන් ඉවත් කරගත්තා. ඒ හොංකොං නීතිය යටතේ එරට regional data පිලිබඳව චීන රාජ්‍යයට වැඩි බලතල නෛතිකව ලැබීම නිසා.

මේ පිලිබඳව අදහස් දක්වන TikTok සමාගම ප්‍රකාශ කරන්නේ User privacy එක ගැන ඉහල අවධානයක් ඔවුන් ලබා දී තිබෙන බවටයි.

“TikTok is led by an American CEO, with hundreds of employees and key leaders across safety, security, product, and public policy here in the US, We have no higher priority than promoting a safe and secure app experience for our users. We have never provided user data to the Chinese government, nor would we do so if asked.”                                                        -TikTok.

Source: The Verge