Loading...
Snapdragon 895 Chipset එක යෙදූ පළමු ජංගම දුරකතනය මෙවර Lenovo වෙතින් එලිදක්වන බවට තොරතුරු වාර්තා වේ

මේ ගැන කතා කරන්න දැන්ම කල් වැඩි වුනත් Android වැඩකාරයො වන අපි මේ ගැන කරුණු කිහිපයක් හොයලා බැලුවා. මොකද මේ Snapdragon 895 Chipset එක ගැන මේ වසරෙ අග ඒ කියන්නෙ දෙසැම්බර් වලදි Qualcommලා විසින් අනාවරණය කරන්න නියමිත නිසා.

Snapdragon 895 ලෙස නම් කර ඇති Qualcomm ලගෙ Flagship Chip එක පිළිබඳ පුවත් කිහිපයක්ම අපට මෑතකදී අසන්නට ලැබුණා. මෙම Chip එක දෙසැම්බර් මාසයේදි පැවැත්වෙන Qualcomm Snapdragon තාක්ෂණ සමුළුවේදී අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කරනවා.
ආරංචි වන ආකාරයට මේ Chip එක නිර්මාණය කිරීමට TSMCලගෙ 4nm Process එක භාවිතා කරන බවයි පැවසෙන්නෙ.

මේ අනුව, මේ Chip එක තුල කුඩා ප්‍රදේශයක වැඩි ට්‍රාන්සිස්ටර ප්‍රමාණයක් භාවිතා කරනු ඇතැයි වාර්තා වේ. කොහොම නමුත්, මෙය ලබන වසරේදී මාදිලි ගණනාවකට බලය සපයන Smartphone සමාගම් වල මීළඟ General Top End Chip එක වන බව අපි දන්නවා.
නමුත් අපි වඩාත් උනන්දු වන්නේ කුමන වෙළඳ නාමය සමඟ පළමු Smartphone එක දියත් කරන්නේද යන්න වගයි.

කිරුළ Xiaomi වෙතින් ඉවතට

පෙර වසරවල් වලදී, පළමුවෙන්ම නිකුත් කරන Snapdragon Chipset එක සහිත ප්‍රධාන දුරකථනය දියත් කිරීමේ දී වෙනස් නොවූ පුරෝගාමියා වූයේ Samsungය. ඒත් එක්කම වගේ Xiaomi සමාගම ඇවිත් මේ මාතෘකාව තම අතට ගත්තා. තව ද, මේ මොහොතේ, Xiaomi හි සැපයුම් දාම කළමනාකරණය ඉතා බලවත් ය.

මෙය කළමනාකරුවෙකු ලෙස "ලී ජුන්" මහතා ලබා ඇති ප්‍රධාන වාසියකි. එය ප්‍රමුඛතම Chips මගින් බල ගැන්වෙන Smartphones දියත් කිරීම ගැන පමණක් නොව, ලොව ප්‍රමුඛ පෙළේ වාණිජ දුරකථන වලටද මෙය විශාල වාසියකි. උදාහරණයක් ලෙස, Snapdragon 888 Chip එක බලයෙන් ක්‍රියාකරන ජංගම දුරකථනයක් දියත් කළ පළමු අවස්ථාව පමණක් නොව එය වෙළඳපොළට ගෙන ආ පළමු අවස්ථාව ද විය.

කෙසේ වෙතත්, මේ වසරේ දී මෙම කාරණය වෙනස් විය හැකිය, මන්ද වෙනත් වෙළඳ නාමයක් විසින් Snapdragon 895 සහිත Smart දුරකතනයක් එළිදැක්වීමේදී පුරෝගාමියා වීමට විශාල වැඩ කොටසක් කර ඇති බැවිනි.

නව ප්‍රමුඛයා, Lenovo

මෙම Chip එක පිළිබඳ ප්‍රථමයෙන්ම තොරතුරු අපට Lenovo Mobile හි වත්මන් ප්‍රධානී "චෙන් ජින්" මහතා වෙතින් ලැබීම පුදුමයක් නොවේ. චෙන් ජින් මහතා පැවසුවේ Lenovo හි නව Snapdragon 895 Chip එක ඇතුලත් Machine එකක් ශීත සෘතුවේදි වෙළඳපොලවල් තුලට පැමිණීමට නියමිත බවයි. මෙමගින් සරලවම පෙන්නුම් කරන්නේ Snapdragon 895 Chip එක සමන්විත Lenovo හෝ Motorola Device එකක් මේ වසරේ Q4 හීදී එළිදක්වන බවයි.

මෙය සනාථ කල හැකි සිදුවීමක් දැනටමත් සිදුවී ඇත. Qualcomm විසින් Snapdragon 855 Chip එක නිවේදනය කල විට, Lenovo සමාගම විසින් මුලින්ම එම Chip එක මගින් ඔවුන්ගේ දුරකථන බලගැන්වීම සිදු කළේය.

අපි බලමු මොනවද මේ Snapdragon 895 Chipset එකේ ප්‍රධාන විශේෂාංග කියලා.

  1. වඩා බලවත් 5G Baseband එක.
  2. ඒ සඳහා සහය දක්වන millimeter-wave or Sub-6GHz 5G ජාලය.
  3. එහි ISP එක Spectra 580 සිට Spectra 680 දක්වා ඉහළ නංවා ඇත.
  4. Fast Connect 6900 Subsystem එක Bluetooth LE Audio/5.2 සහ WI-FI 6E වේ.

Source: Gizchina