Loading...
ලෝක ජනගහනය බිලියන 8 පසු කර​යි

ඊයේ දිනයේදී  (2022 නොවැම්බර් 15) අපි පෘථිවි ජනගහන​යේ තවත් එක් කඩ ඉමක් පහු කලා. ඒ තමා පෘථිවි ජනගහනය බිලියන හතේ සිමාව පහු කරමින් බිලියන අටේ සිමාවට අපි ඇතුල් උනා.

  • දවසකට ලොව පුරා අලුතින් සිදුවන දරු උපත් ප්‍රමානය 385,000ක්.
  • දවසකට ලොව පුරා සිදුවන මියයෑම් සංඛ්‍යාව 158,686.
  • මිනිසාගෙ ආරම්භ​යේ සිට මේ වන තෙක් පෘථිවියෙ විසු මුලු ජන සංඛ්‍යාව බිලියන 107ක්.
  • මිනිසාගෙ අරාම්භයේ සිට මේ වන තෙක් මිය ගිය සංඛ්‍යාව බිලියන 100කට ආසන්න​යි.

මේ වෙන වි​ට ලෝක ජනගහනය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින​වා. පෘථිවියට බිලියනයක ජනගහන සිමාවට පැමිනීමට වසර ලක්ශ දෙකක් (200,000)ක් ගත වු​නු නමුත්, ජනගහන​ය බිලියන අ​ටේ සිමාවට පැමිණිමට ගතවුයෙ වසර 200ක් පමණි.

ඔයාලා දන්නවද ? 1960 දශකය වෙද්දි පෘථිවි ජනගහනය තිබුනෙ බිලියන තු​නේ මට්ට​මේ. එතැන් සිට දළ වශයෙන් අවුරුදු හතලිහකට ආසන්න ප්‍රමානයක් ගත කරමින් අපි තව බිලියන තුනක් අපෙ ජනගහනය වැඩි කර ගනිමින් බිලියන හයට කොඩිය දැම්මා. ඉන් පස්සෙ 2022වන ​මේ වෙද්දි අපි බිලියන අට පසු කරලා ඉවරයි. ​ඒ කියන්නෙ අපි ගතවුන අවසාන අවුරුදු විස්ස ඇතුලත අපෙ ජනගහනය තව බිලියන දෙකකින් වැඩි කරාගෙන තියෙනවා කියන එක​යි.

අනිත් හොඳම කාරණා​ව තමා මෙ අගයන් සාමාන්‍ය​ක් වශයෙන් ගත්තොත්, අවසාන බිලියනය අපි ලඟා කරගෙන තියෙන්නේ අවුරුදු 10ක් ඇතුලත. හැබැ​යි මේකට සීයට හතලිහක් (40%) දායක උනෙ චීනය​යි ඉන්දියාව​යි තමා. ​ඒ කියන්නෙ ලෝක ජනගහනය පොදුවෙ අරගෙන එකෙන් දහයක් තෝර ගත්තොත් එතනින් පුද්ගලයි​න් හතරක්ම ඉන්දියා​වේ හෝ චීනයේ පුද්ගලයෙක් වීම​යි. ඉතින් බිලියන 8ක ලෝක ජනගහනය වෙනුවෙන් දායක වූ ඔබ මම ඇතුලු හැමෝටම සුභ පැතුම්.