Magical Unicorn විසින් මෙය හෙළි කර ඇති අතර, ඔහු මෙය සිදු කර ඇත්තේ Mi Band හි Firmware හා Resources files පරික්ෂා කිරීමෙනි. මේ අනුව, ඉදිරියට එන Mi Band 7 තවත් පියවරක් ඉදිරියට ගෙන ගොස් ඊටත් වඩා විශාල display එකක්, Always On Display support, Built-in GPS, Smart Alarm ඇතුළු තවත් බොහෝ විශේෂාංගයන් ලබා දෙනු ඇත.
Mi Band 7 leak එකෙන් හෙළි වන්නේ Mi Band 7 "L66" කේත නාමයෙන් සහ M2129B1 සහ M2130B1 යන Model Numbers වලින් යන බවයි. එය 192 x 490 resolution එකක් සහිත තරමක් විශාල තිරයක්, Watch Faces කිහිපයක් සඳහා Always on display සහය සහ Aerobics සිට Zumba දක්වා ව්‍යායාම ක්‍රම රාශියකින් සමන්විත වන බව සඳහන් වේ.



තවද, මෙයින් Mi Band 7 සදහා Built-in GPS සහාය දැක්වෙන බව සඳහන් වේ. කෙසේ වෙතත්, මේ මොහොතේ අපට එය විශ්වාස කල නොහැක, මන්ද Mi Band 6 සඳහා leak වූ firmware එක ද එය Built-in GPS සහය දක්වන බව යෝජනා කළ නමුත් අවසාන නිෂ්පාදනය එම විශේෂාංගය සමඟ නොපැමිණිමයි. මීට අමතරව, Mi Band 7 හි Smart Alarm විශේෂාංගයක් ඇතුළත් වන අතර, එය මිනිත්තු 30 කට පෙර සැහැල්ලු නින්දෙන් ඔබව ස්වයංක්‍රීයව අවදි කරයි. අවසාන වශයෙන්, Mi Band 7 බැටරි ආයු කාලය වැඩි දියුණු කිරීම සඳහා නව power saving mode එකක් ද ඇතුළත් විය හැකි බව සඳහන් කෙරෙයි.