ඊයෙ එලිදැක්වුනු ආපු Xiaomiලාගෙ smartphone/mirrorless camera hybrid Lens එක ගැන පොඩි විස්තර ටිකක් කතා කරන්න හිතුනා.
දැනට තියෙන විස්තර වලට අනුව මේ Len එක මවුන්ට් කරන්ඩ හිතන් ඉන්නෙ Xiaomi 12s Ultra කියන Snapdragon 8+ Gen 1 chipset එකෙන් බලගන්වන පෝන් එකට. ඒ වගෙම මේ ෆෝන් එකට 1inche Camera Sensor එකක් වගේම 10bit RAW Photo capture කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා කියලා තමා දැනට පවතින විස්තර වලට අනුව සඳහන් වන්නෙ. ඒ වගේම Lica M Mount එකක් එන මෙ ෆෝන් එකේ තියෙන මේ Detachable පහසුකම නිසා ඕන වෙලාවට හයි කරගෙන වැඩක් නැති වෙලාවට නැවත ගලවලා දාලා සාමාන්‍ය එකක් විදිහට මේක පාවිච්චි කරන්නත් පුළුවන්.
ෆෝන් එකෙ කැමරා පැත්ත තව ටිකක් කතා කරොත් බැලු බැල්මට අපිට මේකේ කැමරා තුනක් බලාගන්න පුළුවන්. ඒ Middle Camera එක Sony IMX989 1-inch Sensor එකක් හා 48MP ultra-wide lens එකක් 48MP periscope-cum-telephoto lens එකක් බලාගන්න පුළුවන්.
අනික මෙන්න මේ 1inch Sensor ගැන විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි. 1inch Sensor ආපු පළවෙනි ෆෝන් එකනම් මේක නොවුනත් මෙන්න මේ සෙන්සර් එක ප්‍රමාණයෙන් විශාල වෙන්න විශාල වෙන්න තමා ප්‍රධාන වශයෙන්ම වැඩි ආලෝකයක් වැඩි ඩීටේල්ස් ප්‍රමාණයක් කැප්චර් කරගෙන යූසර්ට වැඩි ගුණාතමක භාවයකින් යුතු ෆොටෝ එකක් කැප්චර් කර ගැනීමට ඉඩ සලසන්නෙ.
Lens එකෙ ප්‍රධාන Specs
Aperture level
Aperture level එක f/1.4 - f/16 Photography කරන අය දන්නවා ඇතිනේ මේක අඩුවෙන්ඩ අඩුවෙන්ඩ තමා වටෙ Blur වෙන එක වැඩිවෙන්නෙ කියලා. ඔයාලා බොකාහ් (Bokeh) එක කියලා කියන්නෙ මේකට තමා.
Focus Level Infinity
Astro photography කරන අය දන්නවනෙ මෙලො මළදානයක් පේන්නෙ නැති කට්ට කළුවරෙදි Auto focus වලින් අපිට ෆොටෝස් ගහන්න බැහැ කියලා. ඒ වෙලාවට Manual focus වලට මාරු වෙලා Focus level එක Infinity දාගෙන හොඳ තත්වයේ Sharpness එකකින් ෆොටෝස් ගන්නෙ කොහොමද කියලා Astro කරන කට්ටිය දන්නවා ඇතිනෙ.
Focal length
දැනට සඳහන් වන තොරතුරු වලට අනුවනම් මේකෙ focal length එක 35mm කියලා තමා කියන්නෙ. ඒ අනුව අපිට නිගමනේකට එන්න පුළුවන් දේ තමා, අපිට මේ Lens එක ලොකුවට දැක්කට telephoto lens එකක ක්‍රියාකාරිත්වය නම් මෙ Lens එකෙන් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක. මට අනුව නම් ඒක පොඩි disappointment එකක්. හැබැයි Mobile photography කරන Mobile photographersලාට මේ ලෙන්ස් එකෙන් Professional මට්ටමෙ වැඩක් ගන්ඩ පුළුවන් වෙයි.
පහළ තියෙන පොටෝස් කිහිපය හා Xiaomiලා විසින් නිකුත් කරලා තිබුන විඩියෝ එකට අනුව මගේ analyse එක තමා මෙ කිව්වෙ. මේක එලියට ආවයින් පස්සෙ අපි බලමු හරියටම මේකේ වැඩ කිඩ කොහොමද කියලා.