Loading...
Apple පසු කරමින් Xiaomi ලොව තෙවැනියට විශාලතම Smartphone නිපදවන්නා බවට පත් වෙයි

COVID-19 pandemic එක 2020 වසරේදී smartphone market එකට ලොකු පීඩනයක් එල්ල කරා. මේ අවුරුද්ද මුලදී අපි දැක්කා ලෝකය පුරාවටම ක්‍රියාවට නැංවුනු lockdown කාල සීමාව නිසා ගොඩක් factories සහ sales stores තාවකාලිකව වැසුනා. මේ වෙද්දි යම්කිසි ආකාරයකින් recover වෙලා තිබුණත් 2019 අවුරුද්දෙ තිබුණු තත්වය තරම් නම් නෑ. තොරතුරු වාර්තා වලින් පැහැදිලි වෙන්නේ මේ අවුරුද්දේ smartphone sales සීයට 5.7 කින් පහල බැහැලා තියෙනවා කියලයි. 2020 තෙවන කාර්තුවේ smartphones මිලියන 366ක් ship කරලා තියෙනවා.

5G තාක්ෂණය expand කරගැනීමට struggle කරපු සහ ඇමෙරිකානු සම්බාධක වලින් බැට කාපු Huawei ලව replace කරගෙන සීයට 22ක market share එකක් එක්ක Samsung top වෙද්දී. Huawei ලගෙ global smartphone market share එක 2019 තුන්වෙනි කාර්තුව එක්ක බලද්දී සීයට 21 කින් පහල ගිහින් තියෙනවා. පසුගිය මාස කීපයේ සිද්ධ උන දේවල් එක්ක මේක පුදුමයට කාරණයක් නොවුනත් ලෝකයේ තුන්වෙනියට විශාලම smartphone maker විදිහට Apple ලව පහු කරන් top උනේ Xiaomi ලා කීවම ඔයා පුදුම වෙන්නත් පුලුවන්!

ඉතින් උඩ තියෙන screenshot එකට අනුව ඔයාට දැකගන්න පුලුවන් දෙයක් තමා Apple ලගෙ market share එක කලින් අවුරුද්දෙ තුන් වෙනි කාර්තුවේ වගේමයි ලොකු වෙනසක් නෑ කියලා. ඔවුන් මේ අවුරුද්දේ තුන් වෙනි කාර්තුවේදී smartphones මිලියන 44.5 ක් ship කරලා තියෙනවා. මේ එක්ක Xiaomi සමාගම units මිලියන 44.4 කට අධික ප්‍රමාණයක් ship කරලා තියෙනවා.

ඉතින් මේ චීන දැවැන්තයාගේ growth එකට හේතු උන විශාලම සාධකය විදිහට budget Note 9 series එක සහ දැරිය හැකි මිලකට විකිණෙන 5G devices හඳුන්වන්න පුලුවන්. ඒ වගේම Huawei සමාගමේ sales decline එකත් මේකට බලපාලා තියෙනවා. ඒ නිසා global market share එකෙන් 12.1% ක අගයක් වැඩි වෙලා තියෙනවා.

ඉතින් මේ sales decline එක ගැන Gartner report එකෙන් කියවෙන්නේ මෙහෙමයි.

“Economic uncertainties and continued fear of the next wave of the pandemic continue to put pressure on nonessential spending through the end of 2020. The delay in 5G network upgrades has also limited the opportunity for smartphone vendors”

ඉතින් මේ Gartner report එක වගේම ලඟකදී නිකුත් උනු IDC සහ Counterpoint කියන reports වලත් මේ කතාවමයි කියවෙන්නේ.

මේ ගැන Gartner හි senior research director වෙන Anshul Gupta මහත්මයාත් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.

“Consumers are limiting their discretionary spend even as some lockdown conditions have started to improve”

ඒ වගේම Xiaomi growth එක වැඩිවෙන්න භූගෝලීය වශයෙන් ලොකුම contribution එක ලබා දීලා තියෙන්නේ ඉන්දියාව. පසුගිය අවුරුද්දට වඩා සීයට 9.3 කින් sales growth එකක් ඉන්දියාවේ සිදු වෙලා තියෙනවා.

Sources: Android Headlines