Mi Air Charge ලෙස හදුන්වන රැහැන් රහිතව වාතය හරහා උපාංග ආරෝපණය කළ හැකි තාක්‍ෂණයක් පිළිබදව ඊයේ දිනයේ Xiaomi සමාගම ඔවුන්ගේ නිල Twitter ගිණුම හරහා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
We're excited to bring you the remote charging technology - Mi Air Charge Technology! Charge multiple devices simultaneously while you're gaming, walking around or even when something's in the way, no strings attached. Another giant leap forward in wireless charging technology! pic.twitter.com/wEoB10wOQ2
— Xiaomi (@Xiaomi) January 29, 2021
මෙහි ඇති විශේෂත්වය වන්නේ කිසිදු රැහැන් සම්බන්ද කිරිමකින් හෝ wireless charging stand එකක් නොමැතිව විවිධ උපාංග වාතය හරහා ආරෝපණය කළ හැකි වීමයි. මේ පිළිබදව ඔවුන්ගේ නිල බ්ලොග් පිටුවේ වැඩි දුරටත් තොරතුරු සදහන් කරමින් Xiaomi සමාගම පවසන්නේ “self-developed isolated charging pile” ලෙස හදුන්වන උපාංගයේ සිට මීටර් කිහිපයක් දුරින් ඇති තනි උපාංගයකට 5W බලයක් ලබා දීමට මෙම තාක්‍ෂණයට හැකියාව ඇති බවයි.
“self-developed isolated charging pile” ලෙස හදුන්වන උපාංගයේ තිබෙන 5 phase interference ඇන්ටනා මගින් ඔබගේ ජංගම උපාංගයේ පිහිටීම නිවැරදිව තීරණය කිරිමට හැකියාව ඇති බව තව දුරත් තොරතුරු සපයමින් Xiaomi සමාගම පවසා තිබෙනවා.


දුරස්ථ ආරෝපණ තාක්‍ෂණයන්ට අදාළ තාක්‍ෂණික පේටන්ට් බලපත්‍ර 17 ක් Xiaomi සමාගම සතුව ඇති අතර ඊයේ දිනයේ හදුන්වා දුන් Mi Air Charge තාක්‍ෂණය වාණිජකරණය කිරීමට කිසියම් සැලසුමක් තිබේදැයි යන්න සමාගම තවමත් අනාවරණය කර නොමැත.