ඔබට මතක ඇති අපි මිට පෙර YouTube Mobile App එක සඳහා නව Gestures සහ Playback Controls ලබා දිම පිළිබඳව ලිපියක් ඔබ වෙත ගෙන ආවා. මේ Features වලට අමතරව පසුගිය දිනක නව Full Screen Descriptions Interface එකක් ලබා දි තිබෙනවා.

මේ අනුව දැන් මේ නව Video Descriptions Interface එකේ Channel Name එක හා Channel Avatar එක පෙන්විම සිදු වන්නේ නෑ. මෙය Rounded corners සහිත Description Sheet එකක් ලෙස අපිට බලාගන්න පුළුවන්. දැන් Video එක බල අතරතුරම Description එක පහලට Scroll කර කියවිය හැකි අතරම අවශ්‍ය නම් Description Sheet එක ඉහල Drag කර Description Sheet එකේ Full View එකක් වුවද ලබා ගත හැකියි.

මේ නව Description Sheet Design එක මගින් Modern UI එකක Feeling එක YouTube මගින් ලබා ගැනිමට අවස්ථාව සලසා තිබෙනවා.

Sources : 9to5google