Loading...
YouTube mobile app එක සඳහා නව gestures සහ playback controls ලබා දීමට කටයුතු කරයි

YouTube වෙත ලැබුණු අලුත් Update එකත් සමග අලුත් Features කිහිපක්ම ලැබි තිබෙනවා. මේ Featuresවලින් YouTube Video නැරඹිම හා පාලනය කිරිම වඩාත් පහසු කර තිබෙනවා.

මේ Update එක මගින් ලැබි ඇති අලුත්ම Feature එකක් විදිහට Full-Screen Video Enable හෝ Disable කිරිමට ලබා දි ඇති අලුත් Feature එක දැක්විය හැකියි. මීට පෙර Full-Screen එක සදහා Video එක ලබා ගැනිමට නම් Full Screen Button එක Tap කිරිම හෝ Phone එක හැරවිය යුතු වුවා. දැන් මේ අලුත් Feature එක මගින් Video එක Play කිරිමේ දි Play වන කුඩා Window එකේ ඉහලට Swipe කිරිම මගින් Full-Screen Video ලබා ගත හැකියි. ඒ වගේම ආපහු කුඩා Window එක වෙත යා යුතු නම් පහලට Swipe කල යුතු වෙනවා.

YouTube Video Player එක වෙත නව Button දෙකක් හදුන්වා දි තිබෙනවා. ඒ Autoplay toggle එක හා Closed captioning button එකයි. මේ Button දෙකම Video Display එකේ ඉහල වම් කෙලවරේ පවතිනවා. Autoplay toggle එක මගින් මිලග Video එකත් Auto Play විම හෝ නොවිම අපිට තිරණය කල හැකි වෙනවා. ඒ වගේ Closed captioning button එක මගින් Captions යෙදිම කල හැකියි.‌‌ ඒ වගේම මිට පෙර මේ ස්ථාවල තිබු Share Button එක හා Save Button එක ඉවත් කර තිබෙනවා.

Video Chapters කියන්නේ Manually Fast-forward ක්‍රමයට Videoවේ ඉදිරියට නොගොස් Videoවේ අවශ්‍ය කොටස සොයා ගැනිමට ලබා දි ඇති Feature එකක්. Video Creatorsලාට ඔවුන්ගේ Video සදහා මේ ආකාරයට Timestamps යෙදිය හැකි වෙනවා. මේ මගින් අපිට ඒ Videoවේ ඇති විශේෂ කොටසක් සොයා ගත යුතු නම් එය පහසු වෙනවා.

තවත් Feature එකක් විදිහට “suggested actions” දක්වන්න පුළුවන්. මේ මගින් ඔබට හොද Video Experience එකක් ලබා ගැනිමට හැකි වනු ඇත. ඒ කියන්නේ Landscape Video සදහා "Rotate" ලෙස Prompt එකක් දිස්වනු ඇත. ඒ වගේම VR Feature එක ඇති Video එලෙස පෙන්වන්න ද යන්නත් විමසනු ඇත.

Sources : TechCrunch, The Verge