Loading...
TikTok පැරදවූ, TikTok වලට සමාන ඒත් බලන බලන වීඩියෝවට මුදල් දෙන Zynn

අපි හැමෝම දන්න Tik Tok App එක උඩට ආපු වේගේ හැමෝම දන්නව. App එකට ලොකු තරගයක් දෙන්න Apps තිබ්බෙම නැති තරම්. නමුත් දැන් තත්වේ වෙනස්. Zynn කියලා App එකක් තියෙනවා Tik Tok එකට තරගයක් දෙන්න. මේ දෙකේ ලොකු වෙනසක් නෑ නමුත් මෙහොල්ලො තමන්ගේ Platform එකට කට්ටිය අද්දගන්න හොද උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ තමා, මේගොල්ලෝ users ලට Pay කරනවා Videos බලනවටයි Sign Up එනවටයි මේගොල්ලෝ ගෙවනවා ඒ විතරක් නෙවෙයි යාලුවන්ට ඉන්වයිට් කරලා ගෙන්න ගන්නවටත් මේගොල්ලෝ ගෙවනවා. සල්ලි හොයන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ විදියට try කරන්න පුළුවන් කැමති කෙනෙක්ට.

App එක Launch කරේ May මාසේ මුල වගේ මේ වෙද්දි Zynn එක තමා Apple ලගේ App store එකේ පලවෙනි තැන අරගෙන තියෙන්නෙ Free Apps වලින්. ඒ වගේම Google ලගේ Play Store එකේ Top 10 අතරත් තියෙනවා.නමුත් මේක ලංකාවට නම් තාම නෑ.

මේ Zynn එක තනිකරම Tik Tok එකේ Clone එකක්, Interface එක identical. වෙනසකට තියෙන්නෙ Zynn එකේ Countdown Timer එක Dollar Sing එකත් එක්ක.අපි Video බලනකොට මේ Timer fill වෙනවා එතකොට අපිට Points හම්බ වෙනවා. මේ Points පස්සෙ අපිට Cash වලට හෝ Gift cards වලට redeem කරන්න පුළුවන්ලු Android වැඩකාරයෝ අපි Test කරන ගමන් ඉන්නෙ මේ points cash කරගන්න පුළුවන්ද කියලා බලන්න ඇත්තටම. හොයලා බැලුවොත් YouTube Videos එහෙම හම්බ වෙයි Payment Receipts එක්ක. Try කරලා බලන්න කැමති අය.