Google Assistant විශ්රාම ගැනීමට සුදානම් වේ; 2026 සිට Android දුරකථන සඳහා Gemini සහාය
දශකයකට ආසන්න කාලයක් Android පාරිභෝගිකයින්ගේ සමීපතම හඬ සහායකයා වූ Google Assistant සේවාව සම්පූර්ණයෙන්ම නතර කර, ඒ වෙනුවට කෘත්රිම බුද්ධියෙන් බල ගැන්වෙන Gemini සේවාව හඳුන්වා දීමට Google සමාගම තීරණය කර තිබෙනවා. මෙය මේ වසර (2025) අවසානයේදී සිදුවීමට නියමිතව තිබුණද, පාරිභෝගිකයින්ට බාධාවකින් තොර අත්දැකීමක් ලබා දීම සඳහා එම කාලසීමාව 2026 වසර දක්වා දීර්ඝ කර ඇති බව Google නිල වශයෙන් ප්රකාශ කර තිබෙනවා.
එනම්, 2016 වසරේදී ආරම්භ වූ Google Assistant යුගය හරියටම වසර 10කට පසු අවසන් වී, වඩාත් බුද්ධිමත් සහ දියුණු