Security Focuse Operating System එකක් වෙන GrapheneOS එක මගින් බලගැන්වෙන Smart Phone එකක් ඉදිරියේදි නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන බව පසුගිය දිනක ඔවුන්ගේ නිල Twitter ගිණුම මගින් හෙළිකර තිබුණා.
මෙම Twitter සටහනෙන් ඔවුන් විසින් කුමන Smart Phone නිෂ්පාදකයෙකු සමග හවුල්කාරීත්වයට එළඹිමට කටයුතු කරනු ඇතිදැයි ආදීය පිළිබඳ කිසිදු තොරතුරක් දක්වා නොතිබෙන අතර ඔවුන් විසින් Pixel Level Quality එකේ Device එකක් ඔවුන්ගේ OS එක සමගින් ලබා දිමට බලාපොරොත්තුවෙන් පසුවෙන බව වැඩි දුරටත් දක්වා තිබෙනවා.
We're going to be collaborating with a hardware vendor to get a device produced with comparable security and support for alternative operating systems as Pixels.
— GrapheneOS (@GrapheneOS) February 7, 2022
We can't publish details right now but we're optimistic about it and hope to have real news about it in a few months.
මේ GrapheneOS එක මගින් බලගැන්වෙන ලබන Smart Phones සදහා Google Services නොලැබෙනු ඇති අතර එය මේ Smart Phones හි අලෙවිය සදහා බලපානු ලබන ප්රමුඛතම සාධකය වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. කෙසේ හෝ මෙය Google Services සහාය සමග නිකුත් වුවහොත් ද මේ GrapheneOS එක මගින් බලගැන්වෙන Smart Phones ඔස්සේ Google Less Experience එකක් ලබා ගැනිමේ අවස්ථාව Userලාට උදා වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
තවමත් මේ GrapheneOS එක මගින් බලගැන්වෙන Smart Phones නිෂ්පාදනය සදහා කුමන Smart Phone නිෂ්පාදන සමාගමක් එකතු වෙනු ඇතිදැයි තොරතුරු වාර්තා නොවන අතර ඉදිරි මාස කිහිපය තුල මේ පිළිබඳ තොරතුරු නිල වශයෙන්ම ඔබ වෙත ගෙන ඒමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Source : Android Police, GrapheneOS