Loading...
සියළුම පරිශීලකයින්ට තම photos සහ videos Google Photos වෙත transfer කිරීමේ පහසුකම Facebook විසින් සපයයි

පසුගිය දෙසැම්බර් මාසයේදී Facebook සමාගමින් ඔවුන්ගෙ පරිශීලකයින්ට තමන්ගේ photos සහ videos Google Photos වලට transfer කරන්න අලුත් tool එකක් ලබා දුන්නා. ඉතින් මේ feature එක ලබා දීමේ පලවෙනි අදියර විදිහට පසුගිය පෙබරවාරි මාසයේදී ලතින් ඇමෙරිකානු සහ ආසියා පැසිෆික් කලාප වලටත් ඉන් පසුව එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවලටත් ලබා දුන්නා.

ඉතින් මේ වෙද්දි ඒ feature එක සෑම රටකටම ලබා දෙන්න ඔවුන් තීරණය කරලා තියෙනවා.

මේ feature එක use කරන්න ඕනෙ නම් ඉස්සෙල්ලාම Facebook settings කියන section එකට යන්න ඕනෙ. ඊට පස්සෙ “Your Facebook Information” කියන field එක visit කරලා එතනදි “Transfer a Copy of Your Photos or Videos” කියන option එක තෝරගන්න ඕනෙ.

මෙතනදි ඔයාගෙ identity එක confirm කරගන්න ඕන නිසා ඔයාගෙ account password එක ඉල්ලනවා. එතනට ඔයාගෙ password එක දුන්නට පස්සෙ destination එක විදිහට Google Photos select කරන්න ඕනේ. ඊට පස්සෙ confirm transfer කියන option එක select කරගත්තට පස්සෙ ඔයාගෙ Google account එකත් එක්ක authenticate වෙලා process එක පටන් ගන්නවා. Transfer එක complete උනාම in-app notification එකක් එක්කම email එකකුත් ඔයාට ලැබෙනවා.

ඉතින් මේ Facebook photo transfer tool එක 2018 අවුරුද්දෙ පටන් ගත්ත open-source Data Transfer Project එකේම කොටසක්. මේ project එකේ contributors ලා විදිහට Facebook වගේම Google, Apple, Microsoft සහ Twitter යන සමාගම් ද කටයුතු කරනවා.

කෙසේ වෙතත් Facebook media transfer කරන්න පුලුවන් දැනට තියෙන එකම destination එක වෙන්නෙ Google Photos විතරයි. Facebook සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කරන විදිහට ඉදිරියේදී මේ feature එක Data Transfer Project එකේ අනිත් partner companies එක්කත් integrate කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙහි ක්‍රියාකාරීත්වය ගැන අප විසින් පෙර ගෙන ආ ලිපියෙහි සඳහන් කර ඇත. ඒ පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබට මෙය සිදු කරගත හැක. ඔබගේ පහසුව සඳහා එම ලිපිය මෙම ලිපියේ සඳහන් කර ඇත.