Loading...
Amazon සමාගමේ CEO වන Jeff Bezos මහතා එම ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කරයි

බහු ජාතික තාක්ෂණ සමාගමක් වන Amazon හී නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස කටයුතු කළ Jeff Bezos මහතා එම ධූරයෙන් ඉවත් විමට තීරණය කර ඇති බව පසුගිය අගහරුවාදා දින Amazon සමාගම විසින් නිවේදනය කරනු ලැබුවා.

Jeff Bezos මහතා එම ධූරයෙන් ඉවත් වූ පසුව විධායක නිලධාරීයෙකු (Executive) ලෙස කටයුතු කිරිමට බලාපොරොත්තු වන බව ඔහු විසින් තම සේවකයින්ට ලියූ ලිපියක සදහන් කර තිබෙනවා.

“I’m excited to announce that this Q3 I’ll transition to Executive Chair of the Amazon Board and Andy Jassy will become CEO.”

Jeff Bezos මහතා එම ධූරයෙන් ඉවත් වූ පසුව Amazon සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස Amazon Web Services (AWS) හී ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස කටයුතු කරන Andy Jassy මහතා පත් වන බව සදහන් වෙනවා.

Jassy මහතා 1997 වසරේදී Amazon සමාගමට එකතු වී ඇති අතර ආරම්භයේ සිටම Amazon Web Services (AWS) කණ්ඩායම මෙහෙයවා ඇත.  Amazon සමාගමේ ලාභයෙන් වැඩි ප්‍රමාණයක් ඔවුන් උපයන්නේ මෙම Amazon Web Services (AWS) හරහා වීමත් විශේෂත්වයක්.

Source: XDA