Loading...
ශ්‍රී ලංකාව සඳහා නිල වශයෙන් FreeYond Smartphones එළිදැක්වීමට කටයුතු කරයි

Bangladesh, Indonesia සහ Pakistan රටවල්වල ජනප්‍රිය Entry Level සහ Budget Smartphone Brand එකක් වන FreeYond Smartphone Brand එක ශ්‍රී ලංකාව සඳහා නිල වශයෙන් හඳුන්වා දීම ඊයේ පස්වරුවේදී (අප්‍රේල් 04) කටුනායක EAGLES' LAGOON VIEW හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණා.

ශ්‍රී ලංකාවට FreeYond Smartphone ගෙන්වා බෙදා හැරීම සිදු කරන LANKAVAVE PRIVATE LIMITED හි ප්‍රධානීන් වන අසේල ප්‍රනාන්දු (General Manager), ශෙරිෆ් අසංක (Director), තරංග වීරසිංහ (Director) යන මහත්වරුන්, ABANS, Stelacom සහ Singhagiri සමාගම්වල අලෙවි නියෝජිතයින්, Tech YouTubersලා සමඟින් සාර්ථකව පැවැත්වුන අතර මේ සඳහා Android වැඩකාරයෝ අපටත් සහභාගී විමේ අවස්ථාව උදා වුණා.

මෙහිදි ඔවුන් විසින් ශ්‍රී ලංකා වෙළදපොලට Entry Level Smartphone එකක් වන FreeYond F9s සහ Budget Smartphone එකක් වන FreeYond M5A Smartphone දෙක හඳුන්වා දෙනු ලැබුවා. ඒ වගේම ඔවුන් විසින් නව Smart Watch Series එකක් වන Kieslect Fashionable Design Collection එක හඳුන්වා දීමටත් කටයුතු කරනු ලැබුවා.

Entry Level Smartphone එකක් ලෙස රු.24999.00 ක මිලකට FreeYond F9s Smartphone එක හඳුන්වා දෙනු ලැබු අතර එය 2GB RAM ධාරිතාවයකින් සහ 64GB Storage එකකින් සමන්විත වනවා. එමෙන්ම මේ FreeYond F9s Smartphone එකේම 3GB RAM ධාරිතාවයකින් සහ 128GB Storage එකකින් සමන්විත Smartphone එක රු.26999.00ක මිලකටත් මිලදි ගන්න පුලුවන්. මේ Smartphones දෙක සඳහාම RAM Extension පහසුකම ඔස්සේ RAM ධාරිතාවය දෙගුණ කර ගැනීමේ හැකියාව පවතිනවා. 13MP Main AI Dual Camera Setup එකකින් සහ 8MP Selfie Camera Setup එකකින් ද සමන්විත අතර Entry Level Smartphones සඳහා නොලැබෙන Side Mounted Fingerprint Sensor එකකුත් මේ සඳහා ලබා දී තිබෙනවා.

FreeYond M5A Smartphone එක Budget Smartphone එකක් ලෙස රු.39999.00ක මිලකට හඳුන්වා දුන් අතර 16GB RAM ධාරිතාවයකින් සහ 256GB Storage එකකින් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. 50MP Main Rear Camera එකකින් සමන්විත Dual Camera Setup එකක් සහ 8MP Selfie Camera එකකින් මෙය සමන්විත වෙනවා. ඒ වගේම 18W Fast Charging පහසුකම සහ Side Mounted Fingerprint Sensor එකකුත් මේ සඳහා ලබා දී තිබෙනවා.

ලොව හොදම SmartWatch Brand 10 අතර සිටින Kieslect Brand එකේ Fashionable Design Collection එක යටතේ Smart Watch 07ක් හඳුන්වා දුන් අතර ඉන් කාන්තා පාර්ශවය සඳහාම වෙන් වු Smart Watches ලෙස Lora නමින් Watches දෙකක් ද හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවා. මේ Smart watches රු.9999.00ක ආරම්භක මිලක සිට මිලදී ගත හැකියි.