Loading...
WWDC 24 පැවැත්වෙන දින ඇපල් සමාගම විසින් නිවේදනය කරයි

Apple සමාගම විසින් මේ වසරේ ජූනි 10 සිට 14 දක්වා ඔවුන්ගේ 35 වැනි World wide developer conference 2024 (WWDC24) එක පවත්වන බව නිවේදනය කලා. 

සියලුම developers ලට WWDC24 මගින් නවතම iOS 18, iPadOS 18, macOS 15 , watchOS 11, tvOS 18, සහ visionOS 2 වැනි updates වල beta සංස්කරණයන් ලබාදීම මෙහිදි සිදුවනවා. මෙමගින් නවතම updates සදහා developers ලට ඔවුන්ගේ Applications සහ Games උසස් කිරීමට හැකියාව ලබා දෙනවා.

iOS 18 සංස්කරණය නිකුත් වෙන දිනය සහ ලැබෙන iPhone ලැයිස්තුව මෙන්න
iPhone Operating System එකේ නවතම සංස්කරණය වන iOS 18 මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන WWDC 2024 Event එකේදී එළි දැක්වීමට නියමිතව පවතිනවා.

ඒවගේම මේ වසරේදී Apple සමාගම විසින් iOS 18 සදහා Generative AI capabilities සහ Home screen එක සදහා personalization options ගණනාවකුත් ලබාදීමට සැලසුම් කරලා තියෙනවා කියලා අපට නවතම reports වලින් දැක ගන්න පුලුවන්.

Source: apple.com/newsroom