Loading...
iOS 18 සංස්කරණය නිකුත් වෙන දිනය සහ ලැබෙන iPhone ලැයිස්තුව මෙන්න

Apple සමාගමේ ජනප්‍රියතම නිෂ්පාදනය වන Apple iPhone මාදිලියේ Operating System එක නැති නම් iPhone Operating System එකේ නවතම සංස්කරණය වන iOS 18 මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන WWDC 2024 Event එකේදී එළි දැක්වීමට නියමිතව පවතිනවා. සුපුරුදු පරිදිම මෙය එළඹෙන ජුනි මාසයේදී පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. ඒ අනුව බොහෝ iPhone රසිකයින් විසින් බලාපොරොත්තු වි සිටින පරිදිම මේ iOS 18හි Public beta සංස්කරණය ජුලි මාසයේදී පමණ නිකුත් වෙනු ඇති බවත් බලාපොරොත්තු වන්න පුලුවන්.

පසුගිය වර්ෂයන්හි නිකුත් වු iOS Versionsවල Official Release Date පහත පරිදි වනවා.

  • iOS 17 - September 17, 2023
  • iOS 16 - September 12, 2022
  • iOS 15 - September 20, 2021
  • iOS 14 - September 16, 2020
  • iOS 13 - September 19, 2019
  • iOS 12 - September 17, 2018

ඒ අනුව මෙවර නිකුත් වීමට නියමිත iOS 18හි Official Release එකත් සැප්තැම්බර් තුන්වන / හතරවන සතියේ පමණ සිදු වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.
මේ සංස්කරණයත් සමඟ iPhones සඳහා AI improvements, New Messages features, Siri updates සහ RCS support ආදි තවත් නව විශේෂාංගයන් රැසක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. ඒ වගේම ඒ විශේෂාංගයන් මොනවාද යන්න පිළිබඳවත් ඔබ වෙත තොරතුරු ගෙන ඒමට අප සුදානමින් සිටිනවා.

දැනට වාර්තා වන තොරතුරුවලට අනුව බොහෝ විට iPhone XR, iPhone XS සහ iPhone XS Max සඳහා මෙම සංස්කරණයේ සහාය හිමි නොවනු ඇත. කෙස් වෙතත් සමහර විට iPhone XR සඳහා තව දුරටත් මේ iOS 18 සංස්කරණයේ සහාය හිමි විමට ඉඩකඩ තිබෙනවා.

ඒ වගේම වාර්තා වන තොරතුරුවලට අනුව iOS 18 සංස්කරණයේ සහාය හිමි වීමට නියමිත iPhones ලැයිස්තුව පහත දැක්වෙනවා.

  • iPhone SE 2nd Gen
  • iPhone SE 3rd Gen
  • iPhone 11 Series
  • iPhone 12 Series
  • iPhone 13 Series
  • iPhone 14 Series
  • iPhone 15 Series
  • iPhone 16 Series
Source: 9to5mac.com