Loading...
5G තාක්ෂණය වෙනුවෙන් Huawei සමාගම සමඟ කටයුතු කල හැකි වන ආකාරයට ඇමරිකානු රජය නීති ලිහිල් කරයි

5G තාක්ෂණය කියන්නෙ මේ වෙද්දි ඉතා වේගයෙන් කතාබහට ලක් වුනු තාක්ෂණයක්. ඉතින් ඇමෙරිකාවත් මේ තාක්ෂණයට අවධානය යොමු කරල තියෙනවා. ඉතින් මේ තාක්ෂණය සඳහා standards යනාදිය සාදා ගැනීමට Huawei සමාගම එක්ක වැඩ කටයුතු කරන්න USA අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා Huawei සමාගමට පනවල තිබුන restrictions ලිහිල් කරන්නත් ඇමෙරිකානු රජය මේ වන විට කටයුතු කරමින් ඉන්නවා.

පසුගිය සඳුදා (15) දිනයේ මාධ්යට නිළ නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාවෙ වාණිජ කටයුතු දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරේ functionality, interoperability සහ safety කියන සාධක තාක්ෂණික දියුණුවට උපයෝගී කර ගැනීමේ building blocks විදිහට මෙම standards හැඳින්විය හැකි බවයි.

ඇමෙරිකානු රජයට අනුව මේමගින් ඇමෙරිකානු tech companies සහ චීන tech companies අතර technological collaboration එකට කිසිඳු බාධාවක් වෙන්නෙ නෑ. මේ amendment එකට කලින් global standard development institutes වලට කිසිම ආකාරයකින් contribute කරන්න ඇමෙරිකානු tech companies වලට හැකියාවක් තිබුනෙ නෑ මොකද ඒ හැම ආයතනයකම Huawei ලා major role එකක් ඉටු කරපු නිසා. ඒ නිසා US tech companies වලට විශාල ලෙස තාක්ෂණික වශයෙනුත් මූල්‍යමය අතිනුත් පාඩු වුනා.

මේ ඇති වුන අලුත් වෙනස නිසා Huawei ලා කොටස්කාරයො විදිහට කටයුතු කරපු institutes එක්ක වැඩ කරන්න US companies වලට කිසිම බාධාවක් වෙන්නෙ නෑ. ඒ වගේම ඇමෙරිකාව තුල "Standard” 5G networking equipment support එකත් මේ තුලින් ensure වෙනවා.

“This action is meant to ensure Huawei’s placement on the Entity List in May 2019 does not prevent American companies from contributing to important standards-developing activities despite Huawei’s pervasive participation in standards-development organizations”

- US Dept. of Commerce

කෙසේවෙතත් මේ විදිහට වෙනසක් සිදු වුනත් ඇමෙරිකානු රජය Huawei සම්බන්ධයෙන් සිය සමස්ථ ස්ථාවරය වෙනස් කරගෙන් නෑ. Global chip makers ලාගෙන් තවදුරටත් isolate කරන්න පසුගිය මාසයේ රජය විසින් තවත් අලුත් restrictions කීපයක් ම impose කරා. මේ amendment එක හරහා ඔවුන් collaborate වෙන්නෙ සීමිත අවකාශයක විතරයි. ඒ 5G සඳහා standards develop කරන්න. ඒ නිසා Huawei devices වලට ඉක්මනින් ම Google play services ලැබෙයි කියන නිගමනයට එලඹෙනවා නම් ඒක වැරදී යි.

Source: US Dept. of Commerce