Loading...
Developer Preview 3 වලට අනුව Android 11 කොයි වගේ වෙයිද?

කවුරුත් දන්නවා නේ google ලගේ අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය Android  11 එහෙමත් නැත් නම්  Android Q කියලා. Google සමාගම මෑතක දී එහි තුන්වන Android 11 dev preview build එක ඒ සඳහා සුදුසුකම් ලත් සුදුසුකම් ලත් දුරකථන කිහිපයකට ලබා දුන්නා. අද මම මෙම ලිපියෙන් ගෙන එන්නේ එම තුන්වන dev preview හි තියෙන නව හා රසවත්  Android 11 විශේෂාංග හා වෙනස්කම් කිහිපයක් පිළිබඳවයි. අපි දැන් බලමු ඒ මොනවද කියලා.

◾  Undo gesture for apps card in multitasking UI:

මෙය Android 11 හි එන විශාල වෙනස්කමක් වෙන්න පුළුවන්. මේකෙන් වෙන්නෙ අපි වැරදීමකින් හෝ හිතාමතාම multitasking view එකේ තියෙන app card එකක් close කරොත්, අපිට එය නැවත අවශ්‍ය නම් එසැණින් undo gesture එකක් මගින් එය ආපසු ලබා ගන්න පුළුවන්.

◾  Multitasking view has larger App card with new shortcuts:

මේකෙදි multitasking UI එකේ app card එක ටිකක් විශාල කරලා තියෙනවා. ඒ වගේම මේ screen එකට screenshot හා share වශයෙන් තවත් shortcut දෙකක් ලබා දීලා තියෙනවා.

◾  Automatic revocation of app permissions:

මෙමගින් සිදු වෙන්නේ යම් යෙදුමක් (app එකක්) අපි මාස ගණනාවක් භාවිතා කරලා නැත්නම් එම යෙදුමට අදාල permission ස්වයංක්‍රීයව අවලංගු කල හැකි වීමයි. මේ option එක දැං app permission වලින් ලබා ගන්න හැකියි.

◾  Notification improvements:

Android 11 DP3 වලට අනුවනම් persistent notification (ඒ කියන්නේ අපි බලනකං ඉවත් කළ නොහැකියි notification) අපිට notification panel එකෙන් swipe කරලා ඉවත් කරන්න පුලුවන්. ඒ වගේම විවිධ app වලට අදාල notification එම app වලට අදාල වර්ණයන්ගෙන් (colors වලින්) අපිට බලාගන්න පුලුවන්. උදාහරණයක් වශයෙන් whatsapp notification අපිට කොල පාටින් බලාගන්න පුලුවන්. ඒ වගේම notification panel එක පොඩි transparent ගතියකින් බලාගන්න පුලුවන්.

◾  New pop-up UI for screenshots:

ඔන්න අලුත් pop-up UI එකක් දැක ගන්න පුළුවන් captured screenshot වලට. ඒ කියන්නෙ Screenshot එක screen එකේ පහලින් පොඩියට පොපප් එකක් විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම එම ස්ථානයෙන්ම එම ss එක සඳහා share සහ edit යන option දෙක ලබාගන්න පුළුවන්.

◾  Ethernet tethering (hotspot) support:

මෙම option එක තුලින් ඔබගේ ජංගම දුරකථනය USB-to-ethernet adapter එකක් හා සම්බන්ධ කර එම adapter එකට device එකක් connect කිරීම හරහා ඔබගේ දුරකථනයේ අන්තර්ජාල සබඳතාවය හුවමාරු කර ගන්න පුලුවන්.

◾  Individual control left/right sensitivity:

Android 10 වලදි officially අලුතෙන්ම ලැබුණු විශේෂ අංගයක් වෙන gesture navigation පහසුකම අපිට අවශ්‍ය විදියට පාලනය කරගන්න පහසුකමක් android 11 වලදි ලැබිලා තියෙනවා. ඒ කියන්නෙ දකුණු පස හා වම් පස සංවේදී බාවය(sensitivity එක) වෙන වෙනම(තනි තනිව) අපිට අවශ්‍ය විදියට අඩු හා වැඩි කරගන්න පුළුවන්.

◾  Dark theme schedule:

මේකෙදි සිද්ද වෙන්නේ Android 10 වල දී අපිට ලැබුණු dark mode එක අපිට කැමති පරිදි schedule කරගන්න පුලුවන් වීමයි. මේකෙදි අපිට option දෙකක් බලා ගන්න පුළුවන්.

  • Turn on sunset to sunrise- ඒ කියන්නේ ඉර බහින්න වෙලාවේ සිට ඉර  නගින වෙලාව දක්වා dark theme active වෙන්න දෙන්න පුලුවන්.
  • Turn on at custom time- ඒ කියන්නේ  අපි set කරපු time එකකට dark theme   activate වෙන්න සකස් කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට 6.00 pm to 6.00 am.

◾ Other changes:

     ◾  The volume menu has been renamed to sound.                                                             ◾  New animation for Battery share menu.

ඉතින් මෙන්න මේවා තමයි android 11 DP3 වලට අනුව දැනට අපිට officially අලුත්ම android 11 සමග දැකගන්න පුළුවන් වෙනස් කම් හා විශේෂාංග වෙන්නේ. නමුත් මේක 3rd DP පමණක් බැවින් ඉදිරියේ දී තවත් විශේෂාංග එක් විය හැක.

ඔයාලට පල්ලෙහයින් බලා ගන්න පුලුවන් Android 11 වල timeline එක.

ඒ එක්කම අපි මීට කලින් Android 11 ගැන ගෙනාපු ලිපියත් කියවන්න.

Android 11 ගැන හැමදේම
Visual Changes in Android 11මෙතන අපිට දකින්න පුළුවන් ලොකුම වෙනස වෙන්නෙ Notification overhaul කියනෙකයි.Google ලා ඇළුත් Notification group එකක් ඇඩ් කරලත් තියෙනවා conversations වලට.මෙතනදි අපිට WhatsApp, Facebook, Slack, Messenger වලින් වගේ එන Notifications conversations group එකේ end up වෙන්නෙ. තව…

Src: Nokiapoweruser