Loading...
Android 11 ගැන හැමදේම

Visual Changes in Android 11

මෙතන අපිට දකින්න පුළුවන් ලොකුම වෙනස වෙන්නෙ Notification overhaul කියනෙකයි. Google ලා ඇළුත් Notification  group එකක් ඇඩ් කරලත් තියෙනවා conversations වලට. මෙතනදි අපිට WhatsApp, Facebook, Slack, Messenger වලින් වගේ එන Notifications  conversations group එකේ end up වෙන්නෙ. තව මේ Notification group එකට අනිත් Notifications වලට වඩා ප්‍රමුඛත්වයක් හම්බවෙනවා. දැනට තියෙන Developer previews වලින් මේක දකින්න පුළුවන්.

Notification  වල look එකට මේගොල්ලො Slight changes ටිහිකුත් කරලා තියෙනවා. තව padding ඇඩ් කරලා, ඒ කියන්නෙ Notifications අතර ඉස්සරට වඩා තව gaps තියෙනවා කියනෙක labelled Notification types අතර.මෙකෙන් අපිට notifications ඉතා පහසුවෙන්ම කියවීමට හැකියාව ලැබෙනවා.

Changes to Do Not Disturb Menu

Google  ලා නිතරම වගේ මේ Do Not Disturb Menu එකට changes කරනවා නේ ඉතිං මේ පාරත්  Do Not Disturb menu  එක Google  ලා reorganize කරලා තියෙනව Notification types තුනකට වෙන් කරලා මේකේ include වෙනවා People, Apps, Alarms and other sources  කියනටික.

Changes to the Always-On Display Clock Style

දැන් Always-On Display Clock එකේ style  එක අපිට customize  කරගන්න පුළුවන් styles & wallpaper settings  වලිං menu එකේ තියෙන

මේක Android 10 වල  අපිට  font,quick settings colors and icon change  කරගන්න තියෙන විදියට ගොඩක් සමානයි. තව අපිට quick settings  multi-color කරගැනීමට පහසුකමත් හම්බවෙලා තියෙනවා පල්ලෙහා තියෙන විදියට.

Android 11: Multi-colored Quick Settings

Privacy & Security Changes in Android 11

Android  11 වලදි අපිට පුළුවන්  Apps වලට temporary සහ one-time App permissions දෙන්න.

තව Google  ලා ආයේ  Scoped storage feature  එක ගෙන්න යන්නෙ  Android 11 වලදි. මේක මුලින්ම introduce කරේ Android Q එකත් එක්ක ගිය අවුරුද්දෙ නමුත් මේක officially launch වෙන්නෙ Android 11 සමගයි.

ආයේ අපි App එහෙකට දෙන permission  එක deny කරොත් දෙපාරක් වගේ App එකට ආයේ ඒ permission  එක ඉල්ලන්න බැරි වෙන්න බ්ලොක්  වෙනව.

New Features in Android 11

දැං අපි Android  11 වල වෙනස්කම් ගැන නේ කතා කරේ අපි දැං බලමු Android  11 වල අපිට දැකගන්න පුළුවන් අලුත් features  ගැන

Screen recording is finally available

ගිය අවුරුද්දේ Android Q previews වලදි  අපිට මේක දැකගන්න පුළුවන් උනත් Google  ලා Android 10 වල ෆයිනල් වර්ශන් එක එවන්න කලින් මේක රිමූ කරා , මේක දැං Android  11 වලදි දැකගන්න පුළුවන් උනත් මේක තාම buggy නමුත් අපි හිතනවා මේක ෆයිනල් රිලීස් එකේදි දැකගන්න පුළුවන් වෙයි කියලා.

Android 11: Screen Recording

Power Menu might get more useful

අපිට Android 11 first developer preview  එකේ දකින්න පුළුවන් උනා පවර් බට්න් එක Long press කරගෙන අපිට Google  වොලට් කාර්ඩ්ස් ඇක්සෙස් කරන්න පහසුකම තිබ්බා නමුත් අපිට Google smart products එහෙමත් පවර් බට්න් menu එකෙන් control  කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා code එකේ තියෙන hints වලින්.

Power Menu might get more useful

Google  ලා අලුත්  mode එකක් ඇඩ් කරලා තියෙනවා context-aware Bluetooth  කියලා. මේක වැඩ කරන්නෙ කොහොමද කියලා බැලුවොත් හිතන්න අපි Bluetooth  headphone  එහෙකින් සින්දු අහනවා කියලා එතකොට අපි Airplane mode  ඔන් හරකම බ්ලූටූත් ටර්න් ඕෆ් වෙනවනේ නමුත් Android  11 වෙලදි මේ අලුත් mode එක නිසා එහෙම වෙන්නේ නෑ මේක අත්‍යවශ්‍යම feature  එහෙකුත් නෙමෙයි ඉතිං.

Android 11: Smart Home Controls in Power Menu

Android 11 Time Line

Google  ලා ප්ලෑන් කරලා තියෙනවා Developer previews තුනක් සහ ඊටපස්සෙ Beta ප්‍රොග්‍රැම්ස් තුනක්ද මේගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා ෆයිනල් බිල්ඩ් එක අපිට බොහෝ විට Q3 2020 වලදි දැකගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.