Google සමාගම විසින් ඔවුන්ගේ Gemini AI ඔස්සේ බලගැන්වෙන Video Presentation සැදිය හැකි නව App එකක් හඳුන්වා දී තිබෙනවා. Vids නමින් හැදින්වෙන මෙය ඔස්සේ අප ලබා දෙන තොරතුරුවලට අනුව අපට අවශ්‍ය Video Presentation එක Generate කර ගත හැකි වනවා.
මෙහි ඇති විශ්ෂාංගයන් ලෙස Gemini auto-insert stock footage, generating a script සහ AI voiceovers ආදි පහසුකම් හඳුන්වා දෙන්න පුලුවන්. මේ ඔස්සේ ඔබට පාරිභෝගික උපදෙස් පත්‍රිකා වැනි දෙයක් වුවත් Video එකක් බවට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. එමෙන්ම Training Videos, Meeting Recaps සහ තවත් බොහෝ Video නිර්මාණයන් මේ ඔස්සේ සිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
Vidsහි සියලු Features Google Workspace Usersලා සඳහා 2026 වන තුරු ලබා ගත හැකි වන අතර සමහර Features සඳහා Usage Limit ඇති විය හැකියි.
Prompt ලබා දීමෙන්ම මෙන්ම docs, slides, voiceovers, සහ video recordings ලබා දී ද Presentation Video Generate කිරීමේ හැකියාවත් මෙයට පවතිනවා. එමෙන්ම භාෂා කිහිපයක් සඳහාම සහාය දක්වන මෙහි AI Features දැනට ක්‍රියාත්මක වන්නේ ඉංශ්‍රීසි භාෂාවට පමණයි. පසුගිය 07 වනදා සිට මෙය නිකුත් වු නොවැම්බර් 15ට පෙර සෑම Workspace User කෙනෙකුටම මෙය ලැබෙනු ඇති බව දැක්වෙනවා.
Sources: workspaceupdates.googleblog.com theverge.com