Loading...
Smartphone වල බහුලව භාවිතා වන app බොහොමයක අයිතිය Apple සහ Google සතු බව සමීක්ෂණයකින් හෙලි වේ

වර්තමාන Smart Phone වෙළෙඳපොල තුල පවතින ප්‍රධාන Operating System දෙක විදිහට Google සමාගමේ Android OS හා Apple සමාගමේ iOS එක දක්වන්න පුලුවන්. Android OS එක සහිතව Samsung ප්‍රමුඛ Android Smart Phone සමාගම් ද iOS එක සහිතව Apple සමාගමේ iPhone ද වෙළෙඳපොලට නිකුත් වෙනු ලබනවා.

නවතම අධ්‍යනයකට අනුව මේ වෙන විට දක්වා තිබෙන්නේ වර්තමාන Smart Phone සියල්ලගේම Preinstall ලෙස පවතින Apps බොහෝමයක් Google හෝ Apple සමාගම් විසින් අයිතිය දරණ Apps වෙන බවයි.

මේ තොරතුරුවලට අනුව iOS සහිත Apple සමාගමේ iPhones වල Preinstall හා Downloadable Apps වලින් 75%ක් පමණ Apple සමාගම විසින්ම නිපදවු Apps වෙනවා. Android OS එක සහිත විවිධ Smart Phone Brandවල Preinstall හා Downloadable Apps වලින් 60% ක් පමණ Google සමාගම විසින් නිපදවු Apps වෙනවා.

ඒ වගේම මෙලෙස iOS තුල බහුලව භාවිත වෙන වෙන Appsවලින් මුල් 20 අතර සිටිමට Google සමාගමේ YouTube App හා Gmail App ද Facebook සමාගමේ Facebook හා Instagram Apps දෙක සමත් වි තිබෙනවා. ඒ අනුව iOS Device එකක් සැලකිමේදි බහුලව භාවිත වෙන Apps 20 අතුරින් Apps 16 පමණ Apple සමාගම විසින්ම නිපදවු Apps වෙනවා.

Android OS එක මත ක්‍රියාත්මක වෙන විවිධ Brandවලට අයත් Smart Phone සැලකිමේදි බහුලව භාවිත වෙන Appsවලින් මුල් 20 අතර සිටිමට Facebook සමාගමේ Facebook, Facebook Messenger හා Instagram Apps සමත් වි තිබෙනවා. ඒ වගේම මුල් Apps 20 අතරට Samsung සමාගමේ Samsung Calculator හා Samsung Email Apps ද අයත් වෙනවා. මේ මුල් Apps 20 අතරට Google සමාගමේ Apps 12ක් ද අයත් වෙනවා.

Source : The Verge, Xda Developers