Loading...
දශකයේ විශිෂ්ඨත​ම දුරකථනය එළිදැක්වෙන දිනය Apple සමාගම නිවේදනය කරයි

දශකයේ විශ්ෂ්ඨතම දුරකථනය විය හැකි Apple සමාගමේ නවතම iPhone SE Smartphone එක පිළිබඳව පසුගිය වසරේදී අප ඔබ වෙත තොරතුරු රැසක් වාර්තා කළ අතර, බොහෝ වාර්තාවලත් දැක් වුයේ එය 2024 වසරේදීම එළි දැක්වෙනු ඇති බවයි.

දශකයේ විශිෂ්ඨතම දුරකථනය විය හැකි iPhone SE 4
2024 වසරේදී ඔවුන්ගේ iPhone SE මාදිලියේ නවතම Smartphone එක වන iPhone SE 4 නිකුත් කිරීමට සුදානමින් සිටින බව. ඒ අනුව මේ Smartphone එක දශකයේ විශිෂ්ඨතම Smartphone එක වෙනු ඇතැයි ද බොහෝ දෙනා මත පළ කරනු ලබනවා.

කෙසේ වෙතත් Apple සමාගමේ CEO වන Tim Cook මහතා විසින් ඔහුගේ නිල X ගිණුම ඔස්සේ නව Apple Launch Event එකක් පිළිබඳව තොරතුරු පළ කර තිබෙනවා. එළඹෙන 19 වන දින ඔවුන්ගේ Apple Family එක සඳහා නව සාමාජිකයෙක් හඳුන්වා දීමට සුදානම් වන බවට දක්වා තිබෙනවා. මෙය නව සාමාජිකයාට අමතරව නව M4 MacBook Air, M3 iPad Air සහ iPad 11 යන Devices ද මෙහිදි එළිදක්වනු ඇත.

ඒ අනුව මේ නව සාමාජිකයා දශකයේ විශ්ෂ්ඨතම දුරකථනය විය හැකි Apple සමාගමේ නවතම iPhone SE 4 Smartphone එක වනු ඇතැයි වාර්තා වන තොරතුරුවලට අනුව දක්වන්න පුලුවන්. සමහර විට මෙය iPhone 16E ලෙසත් හඳුන්වා දිය හැකි යැයි දැක්වෙනවා.

මෙය iPhone 14 Smartphone එකේ Design එකෙන්ම සහ බොහෝ විට 48MP Single Rear Camera Lens එකකින් යුතු වනු ඇත. අගල් 6.1ක OLED Super Retina XDR display එකකින් යුතු Notched Display එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

එමෙන්ම A18 Chipset එකෙන් යුතු මෙය සඳහා 8GB RAM එකක් ද ලබා දෙනු ඇතැයි තොරතුරු වාර්තා වන අතර Apple Intelligence සඳහාත් සහාය දක්වනු ඇතැයි වාර්තා වනවා. Mid Range Device එකක් ලෙස නිකුත් වන මෙහි මිල ඩොලර් 499ක් පමණ වනු ඇතැයි ද වාර්තා වන තොරතුරු අනුව දක්වන්න පුලුවන්.

Source: www.forbes.com