සැප්තැම්බර් මාසය Apple fansලට ගොඩක් විශේෂ මාසයක් වෙනවා. ඒ නිසාම සැප්තැම්බර් මාසය iPhone මාසය විදියටත් හැදින්වෙනවා. ඉතින් 2020 වර්ශයේ නිකුත් වීමට නියමිත iPhone 12 ජංගම දුරකතනය සදහා වන event launch එකට ඉක්මනින් දින නිවේදනය කිරීමට Apple සමාගම සූදානම් වන බව Mark Gurman tweet එකක් මඟින් සදහන් කරලා තියෙනවා.
Mark Gurman ට්වීට් එකකට අනුව, Apple සමාගම මගින් iPhone 12 Release කිරීමේ උත්සවය සඳහා දිනය නිවේදනය කිරීමට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත්, Jon Prosser විසින් නිකුත් කර ඇති Tweet එකට අනුව සැප්තැම්බර් 08 (අඟහරුවාදා)දින, දින නිවේදනයට සූදානම් වන බවත්, ඇපල් සමාගම විසින් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව පවසනවා.
I wouldn’t get too excited about rumors of new Apple products appearing this week. More likely I think: an announcement of the upcoming (of course virtual) September iPhone/Apple Watch event.
— Mark Gurman (@markgurman) September 6, 2020
නිකුත් වීමට නියමිත iPhone 12 ජංගම දුරකතනය 5G තාක්ෂණය මගින් බලගැන්වෙන බවත්, iPhone 12 line-up Sub-6GHz 5G across භාවිතා කරනු ඇති බවටත් අපේක්ෂා කරන අතර, iPhone 12 pro max සඳහා mmWave 5G භාවිතා කර ඇති බවටද ආරංචි මාර්ග වල සදහන් වෙනවා. තවද අපි Pro version සඳහා LiDAR Sensors ද අපේක්ෂාවෙන් සිටිනවා.
නව iPhone සමඟ, Apple විසින් නව Apple Watches දෙකක් එළිදක්වනු නියමිතව ඇති බවටත් සමහර විට Apple TV සදහාද එහි ඉඩක් වෙන් කර ඇතැයි අපි විශ්වාසෙන් සිටිනවා
Source: Apple Insider