Loading...
iPhone 14හි Front Camera එක සඳහා නව පහසුකමක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි

Apple සමාගම විසින් නව ජංගම දුරකථන මාදිලියක් එළිදැක්වීමට ඉතිරිව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණක් වනවා. සාමාන්‍යයෙන් මෙය සැප්තැම්බර් මාසයේ සිදු වන අතර ඊට මාස කිහිපයකට පෙර සිට එළිදැක්වීමට නියමිත දුරකථනයේ තොරතුරු කිහිපයක් නිල නොවන අයුරින් වාර්තා වනවා.

උදාහරණයක් ලෙස Apple සමාගම විසින් Mini variant එක නවතා iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro, සහ iPhone 14 Pro Max වැනි මාදිලි පෙළකට යාහැකි බව අපි දනිමු. තවද iPhone 14හි Front එක සඳහා pill/hole punch desing එකක් ද යෙදීමට සූදානම් බවත් සඳහන්. මීට දින කිහිපයකට පෙර නිකුත් වූ නිල නොවන වාර්තාවකින් iPhone 14හි Front Camera එක සඳහා Android දුරකථනවල Front Camera එකෙහි පහසුකම් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo විසින් සඳහන් කරන්නේ iPhone 14 series එකෙහි front camera එක fixed focus තුළින් auto focus වෙතට යාහැකි බවයි.

The front camera of four new iPhone 14 models in 2H22 would likely upgrade to AF (autofocus) & about f/1.9 aperture (vs. iPhone 13’s FF (fixed-focus) and f/2.2). AF support and a lower f-number can provide a better shallow depth-of-field effect for selfie/portrait mode. In addition, AF can also enhance the focus effect for FaceTime/video call/live streaming.

Ming-Chi Kuo විශ්වාස කරන්නේ මෙම වැඩිදියුණු කිරීම් තුළින් FaceTime සහ අනෙකුත් වීඩියෝ ඇමතුම්වල ගුණාත්මකභාවය ඉහළ නංවනු ඇති බවයි. පසුගිය වසර කිහිපය තුළදී බොහෝ දෙනා online conference කිරීම හේතුවෙන් Apple සමාගම විසින් ගත් මේ තීරණය බොහෝ සාර්ථක වීමට ඉඩ කඩ ඇත. මේ තුළින් හොඳ ප්‍රතිලාභයක් ලබා ගැනීමට Apple සමාගමට හැකි වුවහොත් බොහෝ විට Android දුරකථන නිෂ්පාදකයින්ද මෙය අනුගමනයට ඉඩ ඇත.

Source: XDA-developers