Loading...
A15 Bionic chipset එක හරහා බලගැන්වෙන 5G තාක්ෂණයෙන් යුතු නවතම iPhone SE 3 (2022) ජංගම දුරකතනය එලිදැකිවීමට Apple සමාගම කටයුතු කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone SE මාදිලියේ දුරකතනය වන iPhone SE 3 (2022) එක එලිදැක්වීම සිදු කෙරුවා. ඕනෑම අයෙකුට මිලදී ගත හැකි සාධාරණ මිලකට එලිදක්වන iPhone SE මාදිලියේ ජංගම දුරකතන වල නවතම දුරකතනය වන iPhone SE 3 (2022)හි විශාල hardware වැඩිදියුණු කිරීමක් සිදු කිරීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා. ඒ අනුව iPhone SE 3 දුරකතනය 5G වලින් බලගැන්වෙන අතර Appleහි නවතම ජංගම දුරකතන chipset එක වන A15 Bionic chips එක හරහා මෙම දුරකතනය බල ගෙන්වනු ලබනවා.

මීට පෙරදී නිකුත් වූ iPhone SE දුරකතනයන් මෙන්ම මෙවරද ඇපල් සමාගම විසින් iPhone SE 3 මාදිලිය සඳහා යොදාගෙන තිබෙන්නේ iPhone 8 මාදිලියේ හැඩය සහ එහි බාහිර ස්වරූපය වන අතර iPhone SE මාදිලි සඳහා තවමත් Apple සමාගම විසින් අඟල් 4.7 තිරයකට සීමා වීම නම් විමතියට කරුණක් වන්නේ, මෙවර iPhone SE මාදිලිය සමඟින් iPhone Xහි ස්වරූපය ගත් iPhone SE එකක් ඇපල් සමාගම විසින් එලිදක්වනු ලබන ඇති බවට පල වූ කට කතා සහ විශාල පිරිසක් ඒ පිලිබඳව බලාපොරොත්තුව සිටීම හේතුවෙනි.

මේ හරහා iPhone SE මාදිලි සඳහා තවමත් ඇපල් සමාගම විසින් FaceID පහසුකම ලබා දීමට සූදානම් නොවන අතර iPhone SE මාදිලීන් සඳහා තවමත් භාවිතා කරනු ලබන්නේ TouchID පහසුකමයි.

iPhone SE 3 (2022) Red, Midnight සහ Starlight යන වර්ණ ත්‍රිත්වයෙන් එලිදැක්වීම සිදු කෙරුණු අතර IP 67 ශ්‍රේණිගත කිරීම මේ දුරකතනය සතු වනවා. එමෙන්ම මේ දුරකතනයේ ඉදිරිපස සහ පිටි පසට යොදා ඇත්තේ iPhone 13 මාදිලිය සඳහා යොදාගත් glass වීමද විශේෂත්වයකි.

iPhone Se 3 සතුව ඇත්තේ එක කැමරාවක් වුවත් ඒ හරහා iPhone 13හි ඇති කැමරා පහසුකම් අත්විදීමෙ හැකියාව ලබා දීමට ඇපල් සමාගම තම පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා තිබෙනවා. ඇපල් සමාගම විසින් මෙම දුරකතනය එලිදැක්වීමේදී ප්‍රකාශ කර සිටියේ "faster that competition at ANY price" යනුවෙනි. ඇපල් සමාගමේ නවතම ජංගම දුරකතන චිප්සෙට් එක වන A15 Bionic හරහා බල ගැන්වෙන iPhone SE 3 ජංගම දුරකතනය එලෙසින් හැදින්වූවාට කිසිදු වරදක් නම් නැති බව Android වැඩකාරයෝ අපගේ අදහස. මන්ද iPhone SE 3 එකේ මිලට සාපේක්ෂව එහි ඇති පහසුකම් වලට සමාන පහසුකම් ඇති දුරකතනයක් මේ වන තුරුත් වෙළඳ පලේ නොමැති වීම හේතුවෙනි.

iPhone SE 2 මාදිලියට වඩා $30ක මිල වැඩිවීමක්ද සහිතව iPhone SE 3 මාදිලිය ඔබට වෙළඳ පලේදී ඇමරිකානු ඩොලර් 429ක මිලකට මිලදී ගැනීමේ හැකියාව පවතින අතර මාර්​තු 18 සිට මෙය වෙළඳපලට නිකුත් කෙරෙණු ඇත. කෙසේ නමුත් එළඹෙන සිකුරාදා දිනයේ සිට මෙම ජංගම දුරකතනය pre-order කිරීමේ හැකියාව හිම්වේ.

මීට අමතරව Peek Performance event එක හරහා Apple සමාගම විසින් M1 iPad Air 5 (2022), Mac උපාංග සඳහා වන M1 Ultra chip එක, Mac Studio එක සහ Apple Studio Display එක පිළිබඳව ඔබට හැකි ඉක්මනින් තොරතුරු රැගෙන එන්නම්.

Source: Peek Performance event