Loading...
Apple සමාගම විසින් iPhone 17e ඇතුළුව නව iPad සහ MacBook Models නිලවශයෙන් නිකුත් කරයි

Apple සමාගම සිය Product Launch Week එ​ක අතිඋත්කර්ෂවත් අන්දමින් ආරම්භ කරමින්, මේ වන විටත් නව නිෂ්පාදන හයක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. එම Devices පිළිබඳ සාරාංශයක් ගෙන ඒමට මෙම ලිපිය මඟින් බලාපොරොත්තු වනවා.


iPhone 17e

සතිය ආරම්භයේදීම Apple රසිකයන්ගේ අවධානය දිනාගැනීමට සමත් වූයේ නව iPhone 17e මාදිලියයි. ඇමරිකානු ඩොලර් 599ක ආරම්භක මිලකට හඳුන්වා දුන් මෙම දුරකථනය, මීට පෙර පැවති iPhone 16e මාදිලිය ප්‍රතිස්ථාපනය කරනු ලබයි.

iPhone 17e හි කැපී පෙනෙන වෙනස්කම්:

  • Storage: 256GB / 512GB
  • MagSafe තාක්ෂණය: Budget Model එක​ක් වුවද, මීට පෙර ඉහළ පෙළේ මාදිලිවලට පමණක් සීමා වූ MagSafe පහසුකම මෙවර ඇතුළත් කර ඇත.
  • සම්ප්‍රදායික කළු සහ සුදු වර්ණවලට අමතරව, "Soft Pink" වර්ණයෙන් ද මෙය ලබා ගත හැකිය.
  • A19 Chipset එක නිසා iPhone 16e ට වඩා වේගවත් අත්දැකීමක් මෙහිදී පරිශීලකයාට හිමිවේ.

M4 iPad Air

iPad පරිශීලකයන් වෙනුවෙන් ඇපල් සමාගම අඟල් 11 සහ අඟල් 13 යන ප්‍රමාණයන්ගෙන් යුත් නව M4 iPad Air මාදිලි ද්විත්වය එළිදක්වන ලදී. මෙහි ප්‍රධානතම දියුණුව වන්නේ එහි RAM ධාරිතාව 12GB දක්වා ඉහළ නංවා තිබීමයි. මීට පෙර පැවති M3 මාදිලියට වඩා වේගවත් මෙන්ම Multitasking හැකියාවන්ගෙන් යුත් මෙ​ය, Designers ලා​ට කදිම විසඳුමකි.


M5 MacBooks

සතියේ දෙවන දිනය වන විට ඇපල් සමාගම සිය ලැප්ටොප් පරිගණක ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කළේය. ඒ අනුව, මීට සුළු කලකට පෙර නිකුත් වූ M4 මාදිලි පවා අබිබවා යමින් නව M5 MacBook Air සහ M5 Pro/Max MacBook Pro මාදිලි හඳුන්වා දෙන ලදී.

1. M5 MacBook Air (13"/15")

මෙම නව මාදිලියේ විශේෂත්වය වන්නේ එහි Base Storage සහ Peak Storage යන දෙකම දෙගුණයකින් වැඩි කර තිබීමයි. මීට අමතරව:

  • වේගවත් SSD ධාරිතාවන්.
  • නවීකරණය කරන ලද Wi-Fi සහ Bluetooth තාක්ෂණයන්ගෙන් යුක්තවනවා.

2. M5 Pro/Max MacBook Pro (14"/16")

වෘත්තීය මට්ටමේ පරිශීලකයන් සඳහාම නිර්මාණය වූ මෙම පරිගණකවල මූලික ගබඩා ධාරිතාව දැන් 1TB සිට ආරම්භ වේ (පෙර 512GB).

  • වේගය: පෙර මාදිලියට වඩා 2x ගුණයක වේගවත් SSD
  • RAM: මූලික මාදිලිය 64GB දක්වා සහ ඉහළ මාදිලි 128GB RAM දක්වා සහය දක්වයි.
  • Connectivity: මෙහි Wi-Fi 7 සහ Bluetooth 6 තාක්ෂණයන් ඇතුළත් කර ඇති අතර, එය පෙර පැවති Wi-Fi 6E සහ Bluetooth 5.3 ට වඩා ඉතා දියුණු මට්ටමක පවතී.

Studio Display XDR

වසර කිහිපයක් පුරා වෘත්තිකයන් අතර ජනප්‍රිය වූ Pro Display XDR නිෂ්පාදනය නවතා දැමීමට තීරණය කළ ඇපල් සමාගම, ඒ වෙනුවට නව Monitors දෙකක් හඳුන්වා දුන්නේය.

  1. නවතම Studio Display.
  2. ප්‍රථම වරට හඳුන්වා දුන් Studio Display XDR.

මෙමගින් වඩාත් පැහැදිලි වර්ණ සංකලනයක් සහ ඉහළ දීප්තියක් සහිත තිර අත්දැකීමක් පරිශීලකයාට ලබා දීමට ඇපල් සමත්ව ඇත.


මීට අමතර​ව Apple Watch Straps සහ iPhone Cases සඳහා නව Spring Colors කිහිපය​ක් ද වෙළඳපොළට නිකුත් කර ඇත.

නිකුත් වීමට නියමි​ත MacBook Neo

නිෂ්පාදන හයක් දැනටමත් එළිදක්වා තිබුණද, මෙම සතියේ වඩාත්ම කුතුහලය දනවන පුවත වන්නේ නිව්යෝර්ක් නුවර පැවැත්වීමට නියමිත විශේෂ Event එක​යි. එහිදී Apple සමාගම විසින් "MacBook Neo" නමින් නව Laptop පරිගණකයක් හඳුන්වා දීමට නියමිත බව වාර්තා වේ.

මෙය විශේෂ වන්නේ ඇයි? MacBook Neo යනු iPhone සඳහා භාවිත කළ චිප් තාක්ෂණයක් මගින් බලගන්වන ප්‍රථම MacBook පරිගණකය වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය ලැප්ටොප් පරිගණක ලෝකයේ බලශක්ති කාර්යක්ෂමතාව සහ කාර්යසාධනය පිළිබඳ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු නොඅනුමානය. මේ පිලිබඳ අප විසින් ඔබට මීට පෙර ගෙන ආ ලිපිය මෙතැනින් කියවිය හැකිය.

මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.