මීට පෙර දිනයකදී iPhone 14 Pro මාදිලියේ ජංගම දුරකතන වල කැමරාවේ shaking issue එකක් ඇති බවට පුවතක් අපි ඔබට ගෙන ආවා මතක ඇති. එහිදී සිදුවූයේ Snapchat, Instagram, TikTok වැනි තෙවන පාර්ශවීය යෙදවුම් භාවිතාවේදී කැමරාව අදීක වේගයකින් ශබ්දයක් නගාගෙන සෙලවීමට පටන් ගැනීමයි.
මෙම ගැටළුවට හේතුව වී ඇත්තේ optical image stabilization සඳහා වන hardware උපාංග නිසි අයුරින් ක්‍රියා නොකිරීමයි. මේ පිලිබඳව අදහස් පල කරමින් ඇපල් සමාගමේ ප්‍රකාශකයෙකු විසින් CNET වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන් විසින් මෙම ගැටළුව පිළිබඳව සැලකිලිමත් වන බවත් ඉදිරි සතියේදී මෙය නිවැරදි කිරීමට බලාපොරොත්තු වන බවත් ය. එමෙන්ම Snapchat සමාගම විසින්ද මේ වන විට මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා වන ක්‍රියාමර්ග ගනිමින් සිටින බව Bloomberg වෙත ප්‍රකාශ කර තිබෙනවා.
So uh, we’re having some issues with the 14 Pro Max camera pic.twitter.com/7HH1wLFjdF
— Luke Miani (@LukeMiani) September 16, 2022
iPhone 14 මාදිලීන් එලිදැක්වීමෙන් පසුව එම ජංගම දුරකතන වල තිබූ ගැටළු කිහිපයක් නිරාකරණය කරමින් iOS 16.0.1 සංස්කරණයද නිකුත් කර ඇති අතර ඒ අතර iPhone 14 Pro Max activation එකේ ඇති වූ ගැටළුව සහ zoom කිරීමේදී soft-looking වල ඇති වූ ගැටළුවද වනවා.
Sources: CNET Bloomberg