ඔබට මතක ඇති අපි මීට පෙර ඔබ වෙත ගෙන ආවා සැප්තැම්බර් මාසයේදී Apple සමාගම විසින් පැවැත්වීමට නියමිත Apple Keynote Event එකේදී එළිදැක්වීමට නියමිතව පවතින උපාංග පිළිබඳ සවිස්තරාත්මක ලිපියක්. මේ වෙන විට Apple සමාගම විසින් ඔවුන්ගේ පැවැත්වීමට නියමිත Event එක සැප්තැම්බර් 07 වන දින Apple Park campus එකේදී පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙවර මේ Event එක ප්‍රේක්ෂකයින් සදහා ද විවෘත කර ඇති අතර ආරාධිත ප්‍රේක්ෂකයින් සදහා අවස්ථාව හිමි වෙනු ඇත. එමෙන්ම ඔවුන් විසින් මේ Event එක Apple සමාගමේ නිල වෙබ් අඩවිය සහ ඔවුන්ගේ නිල Youtube Channel එක ඔස්සේ සජීවීව නැරඹිමේ හැකියාව ලැබෙනවා.
Go for launch. Tune in for a special #AppleEvent on September 7 at 10 a.m. PT.
— Apple (@Apple) August 24, 2022
Tap the ❤️ and we’ll send you a reminder on event day. pic.twitter.com/T9o7qJt72E
Apple සමාගම සුපුරුදු පරිදි ඔවුන්ගේ සැප්තැම්බර් Event එකේදී නිකුත් කරනු ලබන නව iPhone Series එක ලෙස iPhone 14 Series එකත් නව Watch Series එක ලෙස Watch Series 8 එකත් එළිදක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Sources: GsmArena The Verge