Loading...
Apple සමාගම විසින් iPhone SE3 ඇතුළු තවත් උපාංග කිහිපයක් මාර්තු 8 වන දින එලිදැක්වීමට සූදානම් ​වේ

Apple සමාගම විසින් මේ වසර මුල් කාර්තුව තුළදි ඔවුන්ගේ iPhone SE Series එකේ මිලග Generation එක, නැතිනම් iPhone SE 3 එළිදැක්වීමට නියමිතව පවතින බව අපි ඔබට මීට පෙර තොරතු​රු ගෙන ආවා. ඒ වගේම මේ Event එකේදි නව iPad එකක් හා නව Mac එකකුත් Apple සමාගම විසින් නිකුත් කරනු ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා.

වාර්තා වෙන තොරතුරුවලට අනුව එළඹෙන මාර්තු 08 වෙනි දින Apple සමාගම විසින් මේ Event එක පැවැත්වීමට නියමිතව පවතින අතර මේ දිනවල පවතින ගෝලීය Covid වසංගත තත්වය නිසා ඔවුන්ගේ Apple Park එකේ සිට Online ආකාරයට පවත්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මේ Event එකේදී එළිදැක්වීමට නියමිත වෙන ප්‍රධානතම Device එක iPhone SE 3 ලෙස හදුන්වා දෙන්න පුලුවන්. iPhone 8 Device එකේ Design එක සහිතව 2022 වසරට ගැලපෙන Hardwares හා Softwares වලින් යුතුව වෙළෙඳපොළට නිකුත් විමට නියමිත මේ Device එක ගෙන මීට පෙර වාර්තා වුයේ මෙම Flagship Killer Smart Phone එක නිකුත් විමත් සමග Android පරිශීලකයන් බිලියනයක් පමණ Apple EcoSystem එක සදහා ඇදගනු ඇති බවයි.

​මේ Event එකේදි නිකුත් කිරිමට නියමිතව පවතින අනෙක් Apple Products ලෙස Apple A15 Bionic Chipset එක හා 5G Connectivity එකත් සමගින් නිකුත් විමට නියමිත අගල් 10.9ක තිරයකින් යුතු නව iPad Air එක හා Apple M1 Pro හා M1 Max Chipset වලින් බලගැන්වෙන Mac Mini එකත් හදුන්වා දෙන්න පුලුවන්.

Sources: Gizmochina, Bloomberg