Loading...
iPhone SE 2022 මාදිලිය මඟි​න් Android පරිශීලකයන් බිලියනය​ක් Apple ecosystem එකට ඇද ගනු ඇතැයි තොරතුරු වාර්තා ​වේ

ඔබට මතක ඇති පසුගිය වසරේදි Apple සමාගම විසින් ඩොලර් 399ක පමණ මිලකට ඔවුන්ගේ Flagship Killer iPhone එකක් වෙන iPhone SE 2020 එළිදැක්වීම සිදු කරනු ලැබුවා. මේ iPhone SE Series එකේ මිලග Device එක ලෙස මිලග වසරේදි, එනම් 2022 දී iPhone SE 2022 එළිදැක්වීමට නියමිතව පවතින බවට මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා.

⁣Apple සමාගම විසින් මිලග වසරේදි නිකුත් කිරිමට නියමිත iPhone SE 2022 Smart Phone එක Android Devices සදහා ඉතා දැවැන්ත තරගයක් ලබා දෙනු ඇති බව J.P. Morgan Analysts විසින් පෙන්වා දි තිබෙනවා. මොවුන් දක්වා තිබෙන ආකාරයට මේ iPhone එක මගින් Android Usersලා බිලියනයක පමණ ප්‍රමාණයක් Apple සමාගම වෙත ඇද ගැනිමේ හැකියාව ඇති බවයි.

මිලග වසර, එනම් 2022 මුලදි පළමු වරට 5G Connectivity එකෙන් යුතු iPhone SE 2022 නිකුත් කිරිමට නියමිතව පවතිනව අතර මේ Device එක හරහා Apple සමගම විසින් Samsung හා BBK Electronics සමාගම් ආධිපත්‍යය පතුරවා සිටින Midrange Smartphone Market එක සදහා දැවැන්ත තරගයක් ලබා දෙනු ඇත. J.P. Morgan  Analysts විසින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට මේ iPhone SE 2022 Device එක මගින් Apple සමාගමට Midrange Android Phone Usersලා බිලියන 1.4ක් හා මේ වෙන විටත් පැරණි iPhone Model භාවිත කරන Usersලා මිලියන 300ක පමණ ප්‍රමාණයක් ආකර්ෂණය කරගත හැකි වෙනු ඇතැයි සදහන් වෙනවා.

මේ නව iPhone SE 2022 Device එක ඩොලර් 269 සිට ඩොලර් 399ක පරාසයේ මිලකට වෙළෙඳපොළට නිකුත් විය හැකි අතර එය අනෙක් Android Smart Phones නිෂ්පාදන සමාගම්වල Devices සදහා ඉතා තරගකාරී බවක් දිමට හේතු වෙනු ඇත.

5G Connectivity එකෙන් සමන්විත වෙන මේ iPhone SE 2022 Device එක බොහෝ විට පසුගිය වසරේදි නිකුත් වු iPhone SE 2020 Device එකටම සමාන Design එකකින් යුතුව නිකුත් වෙනු ඇති අතර ප්‍රමාණයෙන් අගල් 4.7ක පමණ වෙනු ඇත. එමෙන්ම මෙය Apple සමාගමේ A15 හෝ A14 Bionic Chipset එක මගින් සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Gizmochina, Apple Insider