Loading...
$399ට නියම flagship killer iPhone එකක්?? New iPhone SE (2020)
iPhone SE - Source Youtube

iPhone SE , iPhone Special Edition ලෙස බොහෝ දෙනෙක් හදුන්වන මේ දුරකතනය 2016 දී Apple සමාගම මුල් වරට හදුන්වා දෙන්නේ ඔවුන්ගේ පැරණි iPhone 5/5s Design එකට නව පණක් ලබාදෙමින්, ඊට වසර 4 කට පසු අද (2020/04/15) Apple සමාගම විසින් iPhone SE 2 නැතහොත් iPhone SE හි දෙවන දිග හැරුම එලිදක්වනු ලැබුනා. මෙවර ඔවුන් නව පණක් ලබා දෙන්නේ iPhone 8 දුරකතනයටයි.

New iPhone SE Specifications

Screen - 4.7" True Tone LCD
Rear Camera - 12MP single 6 element lens , OIS , Focus Pixels , Smart HDR , Potrait Mode, 4K 60fps
Selfie Camera - 7MP
Processor - A13 Bionic
Storage - 64GB , 128GB , 256GB
OS - iOS 13
Connectivity - Dual Sim , Gigabit LTE , Wi-Fi 6
Biomatrix - Second Generation TouchID Sensor
Wireless Charging , 5W Wired Charger included
IP67

A13 Bionic chip iPhone SE - Source Youtube

New iPhone SE හට මා කලින් පැවසුවා මෙන් iPhone 8 හි ගති ලක්ශන සියල්ලම පාහේ ලැබී තෙබෙනවා. ඒත් මෙය budget specifications තියන phone එකක් නම් නෙවේ. මෙය බල ගන්වන්නේ iPhone 11 Series එක බලගන්වන දැනට ඇති බලවත්ම Mobile Processor එකක් වෙන Apple A13 Bionic Chip එකයි. New iPhone SE හි සාර්තකත්වය කෙරෙහි සම්පුර්ණයෙන් බලපාන්නේ මෙයයි. මේ නිසාම ඔවුන්ට single 12 megapixel image sensor එකක් තිබියදි පවා Potrait Mode හදුන්වා දීමට හැකි වී තිබෙනවා.

මෙය අනිවාරයෙන්ම iPhone XR හි පැවති single lens Potrait Mode එකට වඩා බලවත් වනවා නිසැකයි. ඒ වගේම Potrait Lighting Effects හා Depth Slider Features දකින්නත් පුලුවන් වෙනවා. 4K 60fps HDR Video Recording පහසුකමද දක්නට ලැබෙනවා. ඒ වගේම 63 megapixel panorama shots ලබාගැනීමටද හැකි වෙනවා ,මෙහි Focus Pixels තාක්ශනය හා OIS තාක්ශන ඇති අතර මේ හේතුවෙන් ඉතාමත් steady video හා photo ලබා ගැනීමටද, වේගවත් focus කිරීමේ හැකියාවද දැකිය හැකි වෙනවා.

ඒ වාගේම ඉදිරිපස 7 megapixel camera එකක් ඇති අතර මෙය මගින් 1080p 30fps video කිරීමේ හැකියාවද දක්නට ලැබෙනවා. මේ කැමරා දෙකෙහිම iPhone 11 series එකේදී හදුන්වාදුන් Smart HDR second generation දක්නට ලැබෙනවා.මේ හේතුවෙන් ඉතාමත් ආකර්ෂණීය photos ලබාගැනීමට හැකිවනු ඇත.

Portrait camera iPhone SE - Source Youtube

මෙහි තිරය අගල් 4.7" කින් යුතු අතර IPS LCD තාක්ශනයෙන් නිම වී ඇති අතර 1334 by 750 pixel resolution එකක් හා 326ppi Retina Standard කින්ද යුතු වේ. මෙහි True Tone හා Haptic Touch පහසුකම් ද දක්නට ලැබෙනවා. විශේෂත්වය වන්නේ iPhone 8 හි දී දක්නට ලැබුනු 3D touch තාක්ශනය Haptic Touch මගින් මාරු වී තිබීමයි. මෙහි 625 nits max brightness හැකියාවක් හා 1400:1 contrast ratio එකක් පවතිනවා. ඒ වාගේම New iPhone SE Dual Sim තාක්ශනයෙන් යුතු අතර නිකුත් වන රට හා කලාපය අනුව e-Sim හෝ physical dual sim ලෙස පැමිනෙනු ඇත. ඒ වාගෙම Gigabit LTE තාක්ශනයත් නවතම Wi-Fi 6, GPS , Bluetooth 5.0, NFC තාක්ශනයෙන්ගෙන් මෙය සමන්විත වනවා.

Fingerprint iPhone SE - Source Youtube

Second Generation TouchID Biomatrix Authentication System එක දක්නට ලැබෙන්නේ මෑතක හදුන්වා දුන් සියලු iPhone මාදිලි වල ආ FaceID වෙනුවටය. මෙමගින් Apple සමාගම විශාල මුදලක් ඉතිරි කිරීමට හා එය පාරිභෝගිකයා වෙත ලගා කරමින් මෙම දුරකතනය ආකර්ෂණීය $399ක් වැනි මුදලකට ලබාදෙන්නට සමත් වෙනවා. ඒ වාගේම Home Button එකක් සහිත iPhone මාදිලි වලට තවමත් ඉල්ලුමක් පැවතීමත් මෙයට තව හේතුවකි. මේ නිසාවෙන් වසර 3 ක් වැනි කාලයක් iPhone 8 මාදිලිය පවත්වාගෙන ආ Apple සමාගම එය අද Discontinue කරන්නේ New iPhone SE හදුන්වාදීමත් සමගය.

iPhone SE Water resistant - Source Youtube

ඒ වාගේම නවතම iPhone මාදිලි මෙන් Apple Logo එකක් පමණක් පිටුපස ඇති මෙහි iPhone 8 මෙන් Glass නිමාවකින් යුතු වෙනවා. ඒ වාගේම Wireless Charging පහසුකමද මෙහි අන්තර්ගත වන අතර iPhone 8 මෙන් IP67 water and dust resist ද වෙනවා. මේ නිසා New iPhone SE දුරකතනය මීටර් 1 ක ගැබුරක මිනිත්තු 30 ක කාලයක් පවත්වා ගන්නට හැකි වෙනවා.

මෙය 64GB , 128GB , 256GB ලෙස Storage මාදිලි 3 කින් හා කලු ( Black ) , සුදු ( White) හා රතු (Product Red) යන වර්ණ වලින් පැමිනෙනවා. ඒ වාගේම New iPhone SE සමග 5W charging adapter එකක් පැමිනෙන නමුත් මෙය 18W fast charge කිරීමේ හැකියාවෙන්ද යුක්ත වනවා. මෙමගින් විනාඩි 30 කදී 0% සිට 50% දාරිතාවයකට යාමට හැකියාව ලැබෙනවා. ( 18W charging adaptor වෙනම මිලදී ගත යුතුයි ). ඒ වාගේම දිගින් 138.4 mm හා පළලින් 67.3 mm වන අතර ඝනකමින් 7.3 mm වනවා. මෙම New iPhone SE පෙර iPhone 8 මෙන් Aluminum හා Glass නිමාවකින් යුතු අතර 148g පමණ බරකින් යුතු වෙනවා.

iPhone SE colors android wedakarayo wadakarayo
iPhone SE colors

ඉතිං මේ New iPhone SE හි සුවිශේෂ ලක්ශනය වන්නේ $399 ක් වැනි ඉතා අඩු මුදලකට බොහෝමයක් ප්‍රමුඛ iPhone මාදිලි වල ඇති තාක්ෂණයක් පාරිභෝගිකයා අතට පත් වීමයි. මෙමගින් බොහෝ දෙනෙකු හට අඩු මුදලකට නව iPhone දුරකතනයක අත්දැකීම ලැබීමට හැකි වනු ඇත. එසේම මෙය වසර කිහිපයක් Apple සමාගම මගින් පවත්වාගන යනු ඇත.

ඒ වාගේම New iPhone SE Plus මාදිලියේ දුරකතනයක් ද මේ සමගම හදුන්වා දීමට සැරසී සිට ඇති අතර ලොකයේ ඇති වූ තත්වය හේතුවෙන් මෙහි කොටස් සැකසීම ප්‍රමාද වී ඇත. මෙයද නුදුරු අනාගතයේ එලිදක්වනු ඇත. එසේම මෙය iPhone 8 Plus මෙන් පෙනුමක් ගන්නා අතර New iPhone SE හි ඇති සියලු පහසුකම් සමග පිටුපස කැමරා දෙකකින් යුක්ත වනු ඇත.

Official Video of The new iPhone SE - Source Youtube