Loading...
Apple සමාගම විසින් M1 Pro සහ M1 Max chipset වලින් බල ගැන්වෙන Mac Mini එලිදැක්වීමට සූදානම් ​වේ

Apple සමාගම විසින් 2020 දී Apple M1 Chipset එක මගින් බලගැන්වෙන Mac Mini එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබු අතර, එහි Updated Version එකක් ලෙස මේ වසරේදී නව Mac Mini එකක් එළිදැක්වනු ඇති බවට මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව මීට පෙර නිකුත් කෙරැනු M1 Chipset එකෙන් බලගැන්වෙන Mac Mini එකට වඩා ප්‍රබල Mac Mini එකක් මේ වසර අවසානයේදි එළිදැක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැනට වාර්තා වෙන නිල නොවන තොරතුරුවලට අනුව මේ Mac Mini එක Apple M1 Pro හෝ Apple M1 Max Chipset වලින් සමන්විත විය හැකි වෙනවා.

මීට අමතරව මේ වසර අවසානයේදි එළිදැක්වීමට නියමිතව පවතින මේ නව Mac Mini එක නව Design එකකින් යුතු වෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව මෙය මීට පෙර නිකුත් වු Mac Mini එකට යඩා සිහින් විය හැකි අතරම, පසුපස පවතින Port සංඛ්‍යාවත් වැඩි කර ලබා දෙනු ඇති අතරම, මෙය සදහා Magnetic Power Connection එකත් ලබා දෙනු ඇති. ඒ වගේම මෙය Polycarbonate වලින් නිෂ්පාදනය සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: Gizmochina