Loading...
iPhone SE 3 (2022) එලිදැක්වීම නුදුරේදීම සිදු වන බවට තොරතුරු වාර්තා ​වේ

Apple සමාගම විසින් මිලග වසරේ මුල් කාර්තුවේ දි ඔවුන්ගේ iPhone SE Series එකේ 3rd Generation එක, නැතිනම් iPhone SE 2022 නිකුත් කිරිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

එමෙන්ම ඔබට මතක ඇති අපි මිට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා මේ iPhone SE 2022 මගින් Android පරිශීලකයින් බිලියනයක පමණ ප්‍රමාණයක් Apple Ecosystem එක වෙත ඇද ගනු ඇතැයි මේ වෙන විටත් විශ්ලේෂණය කර ඇති බව. ඒ වගේම වාර්තා වෙන තොරතුරුවලට අනුව iPhone SE 2022 Apple සමාගමේ වඩාත්ම දැරිය හැකි 5G Smart Phone එක වෙනු ඇති බව කියන්න පුළුවන්.

Design

නිකුත් විමට නියමිත මේ iPhone SE 2022 Device එක 2020 වසරේ නිකුත් වුණ 2nd Generation iPhone SE Device එකේ ආකාරයම වෙනු ඇතැයි මත පළවෙන අතර මෙය iPhone 8 හි Design එකෙන් යුතුව අගල් 4.7ක ප්‍රමාණයේ Display එකකින් සමන්විත වෙනු ඇත. එමෙන්ම Touch ID පහසුකම සහිත Home Button එකෙන් යුතුව Starlight හා Midnight Color Variantsවලින් යුතුව වෙළෙඳපොළ සදහා නිකුත් වෙනු ඇතැයි මත පළ වෙනවා.

Processor & Storage

iPhone SE 2022 සදහා iPhone 13 Series එකේ භාවිත වු A15 Bionic Chipset එක යොදා ගනු ඇති අතර iPhone 13 Series එකත් 128GB ආරම්භක Storage Option එකෙන් යුතුව නිකුත් වු බැවින් මෙයත් බොහෝ විට 128GB හා 256GB Storage Optionsවලින් යුතුව නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Camera

iPhone 8 ට සමාන Design එකකින් නිර්මාණය වෙන බැවින් මේ සදහා එක් Main Camera Sensor එකක් පමණක් අඩංගු විම සිදු වෙනවා. මේ සදහා ලබා දෙන Main Camera Sensor එක බොහෝ විට iPhone 12 Series එක සදහා ලබා දුන් Main Camera Sensor එකට සමාන Sensor එකක් ලබා දෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්. මිට අමතරව portrait Mode, Night Mode හා Cinematic Mode ආදි Features මේ iPhone SE 2022හි Camera Setup එක සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

5G Connectivity

Apple සමාගමේ මේ 3rd Generation iPhone SE 2022 සදහා වැඩි අවධානය යොමු විමට හේතුව වෙන්නේ මේ සදහා 5G Connectivity එක ලබා දිමයි. ඒ අනුව මෙය Apple සමගම විසින් නිකුත් කරන පළමු 5G Flagship Killer Smart Phone එක ලෙස හදුන්වා දෙන්න පුළුවන්.

දැනට පවතින තොරතුරුවලට අනුව මේ iPhone SE 2022 Device එක මිලග වසර, එනම් 2022 පළමු කාර්තුවේ දි නිකුත් විමට නියමිතව පවතිනවා. එනම් බොහෝ විට මිලග වසර මාර්තු මාසයේදි පමණයි. ඒ වගේම මෙහි මිල බොහෝ විට ඩොලර් 399ක ආසන්නයේ පැවතිය හැකි අතර 5G Connectivity එකත් සමග මිල යම් තරමක් වෙනස් විය හැකි වෙනු ඇතැයි ද මත පළ වෙනවා.

Cover image එකේ ඇති ඡායාරූපය iPhone SE 3හි තහවුරු ක​ල ඡායාරූපයක් නොවන අතර එය අන්තර්ජාලයෙන් ලබා ගත් රූපයක් බවට කරුනාවෙන් සලකන්න.

Source : 9to5 Mac