Loading...
Asus සමාගම තම ජංගම දුරකතන සඳහා Android 12 සංස්කරණය නිකුත් කරන කාල සීමාවන් දැනුම් ​දේ

Android 12 Stable Update එක නිකුත් විමත් සමග ASUS සමාගත් ඔවුන්ගේ Smart Phone වෙත Android 12 ලබා දිම පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ASUS සමාගම විසින් ඔවුන්ගේ Devices 06ක් සදහා Android 12 ලබා දිමට සුදානමින් සිටිනවා.

ASUS සමාගම විසින් මේ වෙන විට Budget හා Mid Range Smartphones නිෂ්පාදනය කිරිම නවතා දමා ඇති අතර ඔවුන් විසින් මේ වෙන විට නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ High-end ZenFone Models හා ROG Phones Models වෙනවා.

ඔවුන්ගේ ASUS ZenFone 8 Flip, ASUS ZenFone 8, ASUS ROG Phone 5S, ASUS ROG Phone 5, ASUS ZenFone 7 හා ASUS ROG Phone 3 යන Devices 06 සදහා මේ වසර දෙසැම්බර් මස සිට  Android 12 ලබා දිම ආරම්භ කරනු ඇත.

Android 12 Stable Update එක ලැබෙන ASUS Devices ලැයිස්තුව :

2021 දෙසැම්බර්වල සිට ;‌‌

  • ASUS ZenFone 8 Flip‌‌
  • ASUS ZenFone 8

2022 පළමු කාර්තුවේ සිට ;‌‌

  • ASUS ROG Phone 5S‌‌
  • ASUS ROG Phone 5

2022 පළමු අර්ධයේ සිට ;‌‌

  • ASUS ZenFone 7‌‌
  • ASUS ROG Phone 3

Source: XDA Developers