ලොව වඩාත් ජනප්‍රිය Instant Messaging සේවාවක් වන WhatsApp සඳහා පසුගිය දා Channels සේවාව හඳුන්වාදුන් බව ඔබට මතක ඇති.
කෙසේවෙතත් එය හඳුන්වා දීමක් පමණක් වූ අතර බොහෝ පරිශීලකයන් සඳහා එය භාවිතා කිරීමට හැකියාවක් නොතිබුණි. නමුත් WhatsApp Beta පරිශිලකයන් සඳහා නිකුත් කළ නවතම Update එකමඟින් Beta පරිශීලකයන් කිහිප දෙනෙකුට මෙලෙස Channels Create කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.
ඔබට WhatsApp App එකේ Updates Tab එකට ගිය විට එහි Channels ලෙස දැක්වෙන කොටසේ ඇති + ලකුණ මඟින් Channel එකක් Create කිරීමට හැකිවනවා.
ඕනෑම කෙනෙකුට ඔබේ Channel එක Public බැවින් එය පහසුවෙන් සොයා ගත හැකි අතර Channel History එකද පොදු බැවින් ඔවුන්ට දින 30ක් දක්වා Channel එක තුළ පළ කළ පෙර පණිවිඩ දැකිය හැකිය. තවද Adminගේ දුරකථන අංකය, Profile Picture එක සහ නම Followers ලාට පෙන්වන්නේ නැත.
මේ පිළිබඳව වැඩිපුර තොරතුරු දැන ගැනීම සඳහා දිගටම Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Source: wabetainfo.com