Loading...
WhatsApp Channels විශේෂාංගය නිල වශයෙන් එළිදක්වයි

WhatsApp වෙත Communities විශේෂාංගය හඳුන්වා දීමෙන් පසු මීට මාස කිහිපයකට පෙර WhatsApp වෙත Newsletters නම් විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වූ බව අපි ඔබට වාර්තා කළා.

WhatsApp Newsletters නමින් නව විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වේ
මෙය WhatsApp Broadcastsහි ම එක්තරා දිගුවක් වන අතර මේ තුළින් පුද්ගලයන් කිහිප දෙනෙකුට එකවර Messages යැවීමට ඉඩ සලසයි. මෙය Instagram වෙත Broadcast Channels නමින් ගෙන ආ විශේෂාංගයට සමාන වේ. එය Messenger වෙතටද ලබා දීමට Meta සමාගම අපේක්ෂා කරන අතර WhatsApp වෙතටද ලබා දීමට සූදානමක් පවතිනවා.

කෙසේ නමුත් පසුගිය දිනක Instagram වෙත නිකුත් වූ Channels විශේෂාංගයට බොහෝ සෙයින් සමාන ලෙස මේ විශේෂාංගය WhatsApp Channels නමින් ඔවුන් WhatsApp වෙත හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙයත් සමඟ WhatsApp හි ඇති Navigation Bar එකද වෙනසක් සිදුවන අතර එහි Status Tab එක Update ලෙස Rename වී එහි මේ Channels වලට අදාළ පණිවිඩ ඔබගේ සාමාන්‍ය Chats වලින් වෙන් වී දිස්වනවා.

මීට අමතරව Channel Admin හට Text, Photos, Videos, Stickers, Polls යැවිය හැකි වනවා. තවද Channel Admin ලගේ දුරකතන අංක කිසිවක් වෙනත් අයට දැක ගත නොහැකි අතර එය අදාළ පණිවිඩ දිස්වනුයේ Channel එකේ නාමයෙනුයි.

පරිශීලකයන්හට Channel Invite Link එකක් හරහා Channels වලය Join වීමේ හැකියාව තිබෙන අතර ඔබ Follow කරන Channels මොනවා දැයි වෙන අයට දැකගත නොහැකි වනවා. මෙම Channels වල පණිවිඩ රැඳී තිබෙන්නේ දින 30ක කාලයක් පමණක් වන අතර ඊට වඩා පැරණි පණිවිඩ ස්වයංක්‍රීයවම මැකී යනවා.

Source: blog.whatsapp.com