Loading...
Amazon.com නිර්මාතෲ Jeff Bezosගේ Blue Origin 2021 ජයග්‍රාහීව අරඹයි

Amazon.com නිර්මාතෘ Jeff Bezos විසින් අරඹන ලද Blue Origin පෞද්ගලික අභ්‍යවකාශ සමාගම 2024 NASA සඳ ගමන වන Artemis Program එකට යවන Human Landing System එකේ Blue Moon Lander එක දැනටමත් සැලසුම් කරලා ඉවරයි.  

Blue Origin එකේ ප්‍රධාන Launch Vehicle එක විදියට යොදාගන්නේ තාමත් ඉදිකිරීම් කටයුතු වල තියෙන Blue Origin New Glenn එක.

මීට අමතරව Blue Origin විසින් "පෞද්ගලික අභ්‍යවකාශ සංචාරක ක්ෂේත්‍රය" සඳහා භාවිත කරන්න Blue Origin New Shepard එක නිර්මාණය කළා. ඒකෙන් අභ්‍යවකාශ සංචාරකයන්ට අභ්‍යවකාශයට ගිහින් එන්න විනාඩි 11ක ට්‍රිප් එකක් නිර්මාණය වෙනවා.

Blue Origin New Shepard එක තවත් යොදාගන්න දෙයක් තමයි පරීක්ෂණ කණ්ඩායම්වලට ක්ෂුද්‍ර-ගුරුත්වයේදී අභ්‍යවකාශ පරීක්ෂණ කටයුතු අඩු වියදමකින් කරගන්න අවස්ථාව හදලා දෙන එක.

පරීක්ෂණ කණ්ඩායම්වලට විනාඩි 3ක කාලයකට ඔවුන්ගේ උපකරණ අභ්‍යවකාශයට නිරාවරණය වෙනවා දත්ත රැස් කර ගන්න. Blue Origin ලගේ මේ වැඩේ ලෝකයේ සෑහෙන්න ප්‍රසිද්ධ දෙයක් මේ වෙන විට.

මේ වන විට New Shepard මිෂන් 13 ක් කරලා ඉවරයි. ඒකේ අලුත්ම මිෂන් එක NS-14 ගැනයි මේ ලිපිය.

New Shepard 14 මිෂන් එකට යොදා ගත්තේ අලුත්ම ලෝන්ච් වෙහිකල් එකක් සහ අලුත්ම කැප්සියුලයක්. ඒ තමයි BE-3 එන්ජින් එකකින් බල ගැන්වුණ New Shepard 4 බූස්ටර් එක සහ RSS First Step කැප්සියුල් එක.

මේ කැප්සියුල් එක ඇතුළේ හිටියා හරි අපූරු කෙනෙක්. ඒ තමයි Mannequin Skywalker කියන Blue Origin ටෙස්ට් ඩමි එක. Blue Origin එකට අයිති ලාභ නොලබන ආයතනයක් වෙන Club for the Future එකට ළමයි එවපු පොස්ට්කාඩ්වලින් එයාගේ ඇඳුමේ සාක්කු පුරවලා තිබ්බේ.

2021 ජනවාරි 14 වෙනිදා GMT 1717 ට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.10.47 ට) ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තියෙන Blue Origin Corn Ranch එකේ පිහිටි Blue Origin Launch Site One එකෙන් ලෝන්ච් කරපු New Shepard 4 යානය RSS First Step කැප්සියුල් එක අභ්‍යවකාශයට යවලා නැවත ලෑන්ඩ් කළේ Launch Site One කිලෝමීටර 3ක් උතුරින් තියෙන Landing Pad එකට. ඒ ලෝන්ච් එකෙන් විනාඩි 7 තත්පර 23කට පස්සේ.

පෘථිවි වායුගෝලයත් අභ්‍යවකාශයත් වෙන්කරන අන්තර්ජාතික රේඛාව වන Kármán line එක (කිලෝමීටර 100) පහු කරමින් ගමන් කරපු RSS First Step කැප්සියුල් එක නැවත පෘථිවියට පතිත වුණේ ඊට පස්සේ. ඒ ලෝන්ච් එකෙන් විනාඩි 10 තත්පර 10කට පස්සේ. පැරෂූට් ආධාරයෙන් West Texas Valley එකට නිරුපද්‍රිතව පතිත වුන RSS First Step කැප්සියුල් එක නිරීක්ෂණය කරන්න Jeff Bezos පැමිණීමත් විශේෂ කාරණයක් වුණා.

Jeff Bezos ප්‍රකාශ කරනවා අප්‍රේල් වෙනකොට මිනිසුන් රැගත් අභ්‍යවකාශ ගමනක් අත්හදා බලන්න මේ යන විදියට පුළුවන් වෙයි කියලා. ඒක ලොකු නිව්ස් එකක් වුණා ලෝක පුවත් සේවාවල පවා.

ඊළඟට තියෙන්නේ Rocket Lab එකේ Another One Leaves The Crust මිෂන් එක. ඒකත් එක්ක ඉක්මනින් හම්බෙමු.