Loading...
ධනවතුන් පිරිසක් රැගත් Virgin Galactic ඔවුන්ගේ ප්‍රථම වාණිජමය අභ්‍යාවකාශ ගමන සාර්ථකව නිම කරයි

Ocean Gate සමාගමේ Titan සබ්මැරීනයේ සිදු වීමෙන් පසුව ලොව පුරා බොහෝ දෙනා බලා සිටි ධනවතුන් හතර දෙනෙකු සමඟ ක්‍රියාත්මක වු Virgin Galactic සමාගමේ, Galactic 01 මෙහෙයුම ඊයේ රාත්‍රියේදී සාර්ථක ලෙස අවසන් වනු ලැබුවා.


Virgin Galactic යනු එක්සත් රාජධානියේ ව්‍යවසායකයකු වන Richard Branson මහතා විසින් 2004 දී ආරම්භ කරන ලද සමාගමක් වන අතර මෙලෙස ඔවුන් ඊයේ දිනයේදී අභ්‍යාවකාශයේ මායිම වන 80Km පමණ ඉහළට සිදු වු ඔවුන්ගේ පළමු වාණිජ අභ්‍යාවකාශ ගුවන් ගමන ඊයේ දිනයේදී සාර්ථකව නිම කිරීමට සමත් වුවා.

Image Source - virgingalactic

මේ ගමන සඳහා ඉතාලි ජාතික ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු, ඉතාලියේ ජාතික පර්යේෂණ කවුන්සිලයේ අභ්‍යාවකාශ ඉංජිනේරුවරයෙකු සහ Virgin Galactic සමාගමේ උපදේශකයකු සමඟ අභ්‍යාවකාශ යානයේ නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

Image Source - virgingalactic

Galactic 01 නමින් නම් කර තිබෙන මේ පළමු වාණිජ අභ්‍යාවකාශ ගමන VSS Unity අභ්‍යවකාශ යානය ඔස්සේ සිදු කළ අතර සඳහා මිනිත්තු 75ක් පමණ ගත වුණ මේ ගමන මෙක්සිකෝ කාන්තාරයේ 80Km පමණ ඉහළට දියත් කරනු ලැබු අතර Virgin Galactic සමාගමේ හැරවුම් ලක්ෂ්‍යක් ලෙස මේ මෙහෙයුම දක්වන්න පුලුවන්.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය, නාසා සහ එක්සත් ජනපද ගුවන් හමුදාවට අනුව ගගනගාමියෙකු ලෙස නිර්වචනය කරන්නේ පෘථිවියේ සිට අවම වශයෙන් 80Km පියාසර කළ අයෙකුයි. ඒ අනුව මේ Galactic 01 මෙහෙයුම සඳහා එක්වු සියලුම දෙනා ගගනගාමීන් බවත් පත් වනවා.

Image Source - virgingalactic 

මේ VSS Unity අභ්‍යාවකාශ යානය ගුවන් නියමුවන් දෙදෙනෙකුගෙන් යුතු Carrier Plane එකක් ඔස්සේ ගුවන්ගත වී ඉහළ උන්නතාංශයකට ලගා වී පෘථිවියට නැවත ලගා වීමට පෙර Mach 03 පමණ වේගයකින් අභ්‍යාවකාශය වෙත ගමන් කර තිබෙනවා. මෙහිදී ගමන් කළ මගීන්ට මින්ත්තු කිහිපය බර අඩුවීමක් අත්විඳීමේ හැකියාව ලැබි ඇති අතරම ඔවුන්ට Planet’s Curvature එක පිළිබඳවත් පියවි ඇසින් නැරඹිමේ හැකියාව ලැබි තිබෙනවා.

Image Source - virgingalactic

Virgin Galactic සමාගම විසින් මේ වන විට වාණිජමය අභ්‍යාවකාශ ගමන් සඳහා ප්‍රවේශපත්‍ර 800ක පමණ ප්‍රමාණයක් අලෙවි කර තිබෙන අතර 2005 සිට 2014 දක්වා ප්‍රවේශපත්‍ර 600ක් පමණ ඩොලර් 200,000 සිට 250,000 පමණ මුදලක්ටත් 2014න් පසුව තවත් ප්‍රවේශපත්‍ර 200ක් ඩොලර් 450,000 පමණ මුදලක්ටත් අලෙවි කර තිබෙනවා. එමෙන්ම මේ පළමු ගමනේ ප්‍රවේශපත්‍ර අලෙවි කර තිබෙන්නේ ඩොලර් 200,000ක මිලටයි.


සමාගමේ මීලග වාණිජමය අභ්‍යාවකාශ ගමන, එනම් Galactic 02 එළඹෙන අගොස්තු මාසයේදී දියත් කිරීම සඳහා නියමිතව තිබෙන අතර ඉන් අනතුරුව සෑම මසකදීම වාණිජමය අභ්‍යාවකාශ ගමනක් ක්‍රියාත්මක කිරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ.

Sources: twitter.com/virgingalactic aljazeera.com newscientist.comCover Image Source: dw.com