Clubhouse කියන්නේ මොකක්ද කියල අපි සොයා බැලුවොත් අපිට Wikipedia වෙබ් අඩවිය මගින්ද හදුන්වා දෙන්නේ Clubhouse යනු iPhone Usersලාට පමණක් සිමා වුණ Audio based Social Media Platform එකක් ලෙසයි. ඒ වගේම Clubhouse Social Media Platform එක පසුගිය කාලය තුළ ඉතා ඉහළ ජනප්‍රියතාවයක් ලබා ගැනිමට සමත් වෙනු ලැබුවා.
කෙසේ වෙතත් පසුගිය දිනක මිලියන 1.3කට අධික Clubhouse පරිශීලකයන්ගේ දත්ත නිරාවරණය වු බවට තොරතුරු අපි ඔබ වෙත වාර්තා කරනු ලැබු බවත් ඔබට මතක ඇති.
iOS Usersලා අතර අතිශය ජනප්‍රිය වු මේ Social Media Platform එක මේ වෙන විට Android Usersලා වෙත ද හදුන්වා දිමේ සුදානමක් ඇතැයි තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව Clubhouseහි Co-founder වෙන Paul Davidson විසින් පසුගිය කාලයේ මෙලෙස Android Devices සදහා Clubhouse App එක හදුන්වා දිම පිළිබඳව තොරතුරු රාශියක් විවිධ අවස්ථාවල සාකච්ඡා කර තිබුණා.
ඒ වගේම පසුගිය දිනක Clubhouseහි App Developer කෙනෙකු වෙන Mopewa Ogundipe විසින් පළ කරන ලද Tweet එකකට අනුව මේ වෙන විටත් ඔවුන් Clubhouseහි Android Version එක පිළිබඳව කටයුතු කරමින් සිටින බව කියන්න පුලුවන්. ඒ අනුව Clubhouse App එකේ Android Version එක බොහෝ විට මැයි මාසය තුල බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Mopewa has been working on the Clubhouse Android app for around six weeks now, and it’s coming on nicely
— Morgan Evetts (@morqon) April 11, 2021
Rough release date: May https://t.co/jI63NPw2Od
Clubhouse App එක iOS සදහා නිකුත් කිරිමෙන අනතුරුව එය අතිශය ජනප්‍රියත්වයට පත් වු අතර Clubhouse Android Version එක මගින් ද ඔවුන් එවැනි ජනප්‍රියත්වයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. Twitter හා ByteDance වැනි අනෙක් Social Media Platforms ද මේ වෙන විට ඔවුන්ගේ Apps තුල ද Clubhouse App එකේ මෙන් Audio Chat Platform එකක් ගොඩනැගිමට කටයුතු කරමින් සිටිනවා.
Source : Gizmochina