Loading...
Dialog නව SIM එකක් මිලදි ගැනිමේදි හා 3G SIM 4G SIM බවට වෙනස් කිරිමේදි නව Offer කිපයක් ලබා දේ

Dialog අලුතින් SIM එකක් ගන්න අයට වගේම 3G SIM එක 4G SIM එකකට මාරැ කර ගන්න අයටත් ඉස්සර දිපු Offers වෙනුවට ඉදිරියේදි නව Offers කියපක් ලබා දිමට සුදානම්. මේ සදහා ඔවුන්ට TRC එක මගින් ද අනුමැතිය ලබා දිලා තියෙනවා.

නව SIM කාඩ්පතක් ගැනිමේදි ලබා දෙන Offers

නව SIM කාඩ් පතක් ගැනිමේ දි Connection Fee එක විදිහට රැ.150/= මුදලක් අය කර ගන්නා අතර  අපිට කැමති විදිහට තොරා ගන්න Offers 05 ක් ලබා දිලා තියෙනවා.

Option 1

‌‌මසකට මිනිත්තු 100ක On Net කතා කාලයක් මාස 03ක් සදහා ලබා දෙනවා. මේ සදහා SIM එක මිලදි ගත් දින සිට මාස 03ක් ඇතුලත රැ.100 ක් හෝ ඉට වැඩි මුදලක් Reload කල යුතු වෙනවා.‌‌

ඒ වගේම මේ Reload මුදල මේ සදහා වැය විමක් සිදු වෙන්නේ නැ.

Option 2

‌‌මසකට 1GB දත්ත බැගින් මාස තුනක කාලයක් සදහා අපිට ලබා ගන්න පුලුවන්. මේ සදහාත් SIM එක මිලදි ගත් දින සිට මාස 03ක් ඇතුලත රැ.100 ක් හෝ ඉට වැඩි මුදලක් Reload කල යුතු වෙනවා.‌‌

ඒ වගේම මේ Reload මුදල මේ සදහා වැය විමක් සිදු වෙන්නේ නැ.

Option 3

‌‌Facebook හා WhatsApp සති 06ක් සදහා Free භාවිතා කරන්න පුලුවන්. මේක SD Quality (360p) එකෙන් හිමි වෙන අතර සති 06 සදහාම Unlimited ලෙස ලබා දෙනවා.‌‌ මේ Option එක Active කර ගන්න නම් SIM එක මිලදි ගත් දින සිට දින 14ක් ඇතුලත රැ.100 ක් හෝ ඉට වැඩි මුදලක් Reload කල යුතු වෙනවා.‌‌

ඒ වගේම මේ Reload මුදල මේ සදහා වැය විමක් සිදු වෙන්නේ නැ.

Option 4

‌‌රැ.150/= Free Reload මුදලක් මේ මගින් ලබා ගන්න පුලුවන්.‌‌මෙය ලබා ගන්න නම් අපි 6 Month Unlimited Facebook & WhatsApp Package එක Active කල යුතු වෙනවා.

ඒ වගේම මේ Package එක Active කර ගැනිම පළමු දින 14 තුල සිදු කල යුතුයි.

Option 5

‌‌මසකට On Net විනාඩි 100 කතා කාලයක් හා On Net 200 SMS ප්‍රමාණයක් බැගින් මාස 12ක් පුරාවට මේ මගින් අපිට ලබා ගන්න පුලුවන්. ‌‌මේ Option එක ලබා ගැනිමට නම් පළමු දින 14 ඇතුලත රැ.448/= මුදලක් Reload කල යුතු වෙනවා.‌‌

හැබැයි මේ රැ.448/= නම් මේ Option එක ලබා ගැනිමට වැය වෙනවා.

ඒ වගේම මේ සියලු මිල ගණන්වලට බදු ඇතුලත් වන අතර Option 3 හා 4 වලංගු වෙන්නේ 4G සදහා පමණයි.

4G SIM Conversion Offer

3G SIM කාඩ්පත 4G SIM කාඩ්පතක් බවට මාරැ කර ගැනිමේදි රැ.150/= මුදලක් අය කර ගන්නා අතර දින 30ක කාලයක් සදහා 5GB Free දත්ත ප්‍රමාණයක් ලබා දෙනවා.

Source: TRCSL