ඔබට මතක ඇති පසුගිය වසරේදී Bharti Airtel සමාගම, Dialog Axiata සමාගම සමඟ ශ්රී ලංකාව තුළ ඔවුන්ගේ මෙහෙයුම් එකාබද්ධ කිරීම සඳහා එකඟතාවයකට එළඹුන බවත්, ඒ සඳහා වු ගිවිසුම් ඔවුන් අත්සන් කළ බවත් අප වාර්තා කල බව.
ඒ අනුව එම සමාගම් වල මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ ගිවිසුම සඳහා ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබි තිබෙනවා.
මේත් සමඟ ඉදිරි මාස කිහිපය තුළදී එම ගිවිසුම්වලට අනුකුලව Bharti Airtel සමාගම, Dialog Axiata සමාගම සමඟ ඔවුන්ගේ මෙහෙයුම් එකාබද්ධ කිරීම සිදු වනු ඇති අතර එහි ප්රතිඵල ලෙස මෙම සමාගම් දෙක විසින්ම ඔවුන් දැනට සේවා සැපයීම සඳහා භාවිත කරන Spectrum සහ දුරකථන කුළුණු ඒකාබද්ධ කරමින් ඔවුන්ගේ සේවා සැපයීම සිදු කිරීමට නියමිතව පවතිනවා.
එමෙන්ම පසුගිය දිනක නිල වශයෙන්ම තම සේවා අවසන් කළ LankaBell සමාගමට අයත් Spectrum අනෙක් දුරකථන සේවා සපයන සමාගම් අතර සමානව බෙදා දීමට විදුලි සංද්ශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව SLT-MOBITEL සමාගම සඳහා 2300 MHz ද Hutch සමාගම සඳහා 2500 MHz ද ලබා දී ඇති අතර Dialog Axiata සහ SLT-MOBITEL සමාගම් අතර 1800,2000 MHz බෙදා දී තිබෙනවා.
මෙලෙස Bharti Airtel සමාගම, Dialog Axiata සමාගම සමඟ ශ්රී ලංකාව තුළ ඔවුන්ගේ මෙහෙයුම් එකාබද්ධ කිරීමෙන් පසුව ශ්රී ලංකාවේ දුරකථන සේවා සැපයීමේ වෙළදපොළින් 63%ක් ඔවුන් සතු වන අතර SLT-MOBITEL සඳහා 25% ද, Hutch සඳහා 12% ද හිමි වනු ලබනවා.