Loading...
Bharti Airtel සමාගම ඔවුන්ගේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් Dialog Axiata සමාගම සමඟ එකාබද්ධ කිරීමට සුදානම් වේ

Bharti Airtel සමාගම, Dialog Axiata සමාගම සමඟ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ මෙහෙයුම් එකාබද්ධ කිරීමට කිරිම සඳහා එකඟතාවයට එළඹ තිබෙන අතර මේ සඳහා අවශ්‍ය එකඟතා ගිවිසුම සඳහා අද දින අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව Airtel සමාගම, Axiata Group එක සතු සමාගමක් වෙන Dialog සමාගම සතු වෙනු ලබනවා. මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා විසින් පහත නිවේදනය නිකුත් කර තිබෙනවා.

Source: Bizenglish.adaderana.lk

ඒ අනුව මෙම යෝජිත එකඟතාවයට අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, මෙම යෝජිත ගනුදෙනුව සඳහා අවසන් ගිවිසුම අත්සන් කිරීම අදාළ නියාමන සහ කොටස් හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලින් පසුව සිදු වෙනු ඇත.

මෙම ඒකාබද්ධ කිරිම තුළින් ශ්‍රී ලංකා විදුලි සංදේශ ක්ෂේත්‍ර තුළ දැවැන්ත වෙනසක් සහ සපයන සේවාවන්වල වැඩි දියුණු බවක් මෙම සමාගම් දෙකම අපේක්ෂා කරන අතර මේ පිළිබඳව තවත් තොරතුරු ඉදිරියේදි බලාපොරොත්තු විය හැකි වෙනවා.

Sources: bizenglish.adaderana.lk telecomtalk.info