Loading...
Dialog සමාගම විසින් පරිගණක ක්‍රීඩකයන් සඳහාම විශේෂිත වූ නව පැකේජ 10ක් හඳුන්වා දීමට කටයුතු කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල සේවා සපයන සමාගමක් වෙන Dialog Axiata සමාගම විසින් Home Broadband පාරිභෝගිකයින් සදහා හදුන්වා දිමට නියමිත නව Gaming Plans රැසක් සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් පෙරගෙවුම් හා පසුගෙවුම් Home Broadband පාරිභෝගිකයින් සදහා Gaming Plans 10ක් පමණ හදුන්වා දි තිබෙනවා. මෙම Gaming Plans Add On Package එකක් හෝ Base Package එකක් ලෙස ලබා ගැනිමට හැකියාව ලැබෙනු ඇත.

Add On Gaming Packages

මේ යටතේ Add On Packs 05ක් හදුන්වා දි තිබෙනවා. ඒ වගේම මේ Add On Packsවල වලංගු කාලය දින 30ක්.

  1. 14GB Gaming Add On Pack - Rs. 490.00
    මේ Add On Pack එක සමග 14GB Gaming Data ප්‍රමාණයට අමතරව 6GB Anytime Data ප්‍රමාණයකුත් ලබා දෙනවා.
  2. 34GB Gaming Add On Pack - Rs. 990.00
    මේ Add On Pack එක සමග 34GB Gaming Data ප්‍රමාණයට අමතරව 11GB Anytime Data ප්‍රමාණයකුත් ලබා දෙනවා.
  3. 50GB Gaming Add On Pack - Rs. 1,390.00
    මේ Add On Pack එක සමග 50GB Gaming Data ප්‍රමාණයට අමතරව 15GB Anytime Data ප්‍රමාණයකුත් ලබා දෙනවා.
  4. 115GB Gaming Add On Pack - Rs. 2,990.00
    මේ Add On Pack එක සමග 115GB Gaming Data ප්‍රමාණයට අමතරව 25GB Anytime Data ප්‍රමාණයකුත් ලබා දෙනවා.
  5. 160GB Gaming Add On Pack - Rs. 3,990.00
    මේ Add On Pack එක සමග 160GB Gaming Data ප්‍රමාණයට අමතරව 30GB Anytime Data ප්‍රමාණයකුත් ලබා දෙනවා.

Base Package

මේ යටතේ Package 05ක් හදුන්වා දි ඇති අතර Home Broadband සම්බන්ධතාවයේ ප්‍රධාන Package එක ලෙස මේවා සක්‍රීය කර ගත හැකි ආකාරයේ මාසික Packages වෙනවා.

  1. 55GB Gaming Data Package - Rs. 1,590.90
    මේ Package එක මගින් 55GB Gaming Data ප්‍රමාණයට අමතරව 15GB Anytime Data ප්‍රමාණයක් ලබා දෙනවා.
  2. 90GB Gaming Data Package - Rs. 2,490.00
    මේ Package එක මගින් 90GB Gaming Data ප්‍රමාණයට අමතරව 25GB Anytime Data ප්‍රමාණයක් ලබා දෙනවා.
  3. 150GB Gaming Data Package - Rs. 3,890.00
    මේ Package එක මගින් 150GB Gaming Data ප්‍රමාණයට අමතරව 45GB Anytime Data ප්‍රමාණයක් ලබා දෙනවා.
  4. 220GB Gaming Data Package - Rs. 5,190.00
    මේ Package එක මගින් 220GB Gaming Data ප්‍රමාණයට අමතරව 65GB Anytime Data ප්‍රමාණයක් ලබා දෙනවා.
  5. 300GB Gaming Data Package - Rs. 6,490.00
    මේ Package එක මගින් 300GB Gaming Data ප්‍රමාණයට අමතරව 85GB Anytime Data ප්‍රමාණයක් ලබා දෙනවා.

මේ Gaming Add On Packs හා Gaming Data Packages සදහා ලබා දෙන Gaming Data ප්‍රමාණයන් දවසේ ඕනැම වෙලාවක තෝරාගත් Gaming Platforms සදහා භාවිත කල හැකි වෙනවා. එමෙන්ම මේ සමග ලබා දෙන Anytime Data ප්‍රමාණය දවසේ ඕනැම අවස්ථාවක භාවිත කල හැකි වෙනවා.

මේ Gaming Add On Packs හා Gaming Data Packages සදහා වලංගු වෙන Games හා Gaming Platforms

Steam, Free Fire, Bianfenggame, Jinshangame, PlayStation Network, COD Mobile, Capitalgames Matonline, Xbox, PUBG Mobile, Crysis, Msn, Epic, Clash of Clans, Duowangame, Paopaotang, LOL, Clash Royale, Eagamesflat, Qqbattlezone, COD WZ, Mobile Legends, Fetion, Qqgame, Fortnight, Gameloft, Tianlongbabu, FIFA, Pokemon Go, Gamesbean, Wangyi, Valorant, Vainglory, Gamespyarcade, Yahoo game, PUBG, Anarchy, Goodgamestudios, COD 4, Applegamecenter, Innogames

Source: TRCSL