Loading...
නවතම Dialog Future Zone එක නෙළුම් කුළුණේදී

Dialog Axiata සමාගම විසින් නවතම Cutting-edge Technologiesවල අත්දැකීම ශ්‍රී ලාංකිකයන් සදහා ලබා දීම සදහා ඔවුන්ගේ Dialog Future Zone එක නෙළුම් කුළුණේදී පසුගිය දින විවෘත කරනු ලැබුවා. මෙය නෙළුම් කුළුණේ පළමු මහළ තුල පිහිටා තිබෙන අතර උදැසන 09 සිට සවස 05 දක්වා සතියේ දින 05 විවෘතව තිබෙන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

මේ Future Zone එක ඔස්සේ නෙළුම් කුළුණ නැරඹිමට පැමිණෙන නැරඹන්නන්හට 5G, Internet of Things (IoT), Artificial Intelligence (AI) සහ Virtual Reality (VR) ආදි ක්ෂේත්‍රයන්ගේ නව තාක්ෂණික අත්දැකීම් ලබා ගැනිමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම මේ Future Zone එක තුළ ඔවුන් විසින් Smart Home Concept එක ආදර්ශනය කිරිම සදහා නවතම Smart Home සහ Internet of Things (IoT) Solutions වලින් යුතු Model Room එකක් ඉදි කර තිබෙන අතර ඒ ඔස්සේ Smart Home සංකල්පය පිළිබඳ අත්දැකීම් ලබා ගැනිමේ අවස්ථාව උදා වනවා.

Dialog Future Zone Launching Event via Dialog.lk

මිට අමතරව මෙම Feature Zone එක හරහා Dialog සමාගම විසින් Universities, Research institutes සහ වෙනත් ආයතනය සමග එකාබද්ධව Workshops, Lectures සහ Educational Activities ආදියත් පැවැත්වීමට සුදානමින් සිටින බව දක්වා තිබෙනවා.

Source: Dialog.lk