Loading...
ගාස්තුවකින් තොරව දේශීය නාලිකා නැරඹීමට Dialog TV නව පැකේජ 2 ක්

ශ්‍රී ලංකාව සදහා Satellite TV සේවාව සපයන ප්‍රමුඛ සමාගමක් වෙන Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේ Prepaid DTV පාරිභෝගිකයින් සදහා කිසිදු දෛනික හෝ මාසික ගාස්තුවක් නොමැතිව දේශිය නාලිකා සියල්ල නැරඹිමට හැකි විශේෂ Packages දෙකක් හදුන්වා දිමට සුදානමින් සිටිනවා.

විදුලි සං⁣දේශ නියාමන කොමිෂන් සභාව විසින් මේ වෙන විටත් මේ විශේෂ Packages දෙක සදහා අනුමැතිය ලබා දි ඇති අතර Dialog සමාගම විසින් මේ විශේෂ Packages දෙක Dialog TV Prepaid Bonanza නමින් හදුන්වා තිබෙනවා.

ඒ අනුව කිසිදු දෛනික හෝ මාසික ගාස්තුවකින් තොරව දේශිය නාලිකා 27ක් නොමිලේ නැරඹිමේ හැකියාව Dialog Prepaid TV සම්බන්ධතා සදහා ලැබෙන අතර මේ විශේෂ Packages දෙක නව Prepaid සම්බන්ධතාවයන් සමග වගේම පවතින Prepaid සම්බන්ධතාවයන් හරහාත් ලබා ගැනිමේ හැකියාව ලබා දි තිබෙනවා.

Prepaid Bonanza Package 01

මේ Package එක මගින් අඛණ්ඩව කිසිදු ගාස්තුවකින් තොරව දේශිය නාලිකා 27ක් නැරඹිමේ හැකියාව ලැබෙනවා.‌‌ දැනට භාවිත වෙන DTV Prepaid සම්බන්ධතාවයන් සදහා රු. 3,990.00ක් ගේවා මේ විශේෂ Package එක සක්‍රීය කර ගැනිමට හැකිවෙනු ඇත.‌‌ මේ විශේෂ Package එක සහිත නව Prepaid DTV සම්බන්ධතාවයක් රු. 9,980.00ක මිලකට මිලදි ගත හැකි වෙනු ඇත.

Prepaid Bonanza Package 02

මේ Package එක මගින් මාස 24ක් පුරාවට කිසිදු ගාස්තුවකින් තොරව දේශිය නාලිකා 27ක් නැරඹිමේ හැකියාව ලැබෙනවා.‌‌ දැනට භාවිත වෙන DTV Prepaid සම්බන්ධතාවයන් සදහා රු. 1,990.00ක් ගේවා මේ විශේෂ Package එක සක්‍රීය කර ගැනිමට හැකිවෙනු ඇත.‌‌ මේ විශේෂ Package එක සහිත නව Prepaid DTV සම්බන්ධතාවයක් රු. 7,980.00ක මිලකට මිලදි ගත හැකි වෙනු ඇත.

මේ Prepaid Bonanza Packages දෙක හරහා නොමිලේ නැරඹිමේ අවස්ථාව හිමි වෙන දේශිය නාලිකා 27 පහත පරිදි වෙනවා.

  1. Channel One‌‌
  2. Rupavahini‌‌
  3. Channel EYE‌‌
  4. ITN‌‌
  5. Vasantham TV‌‌
  6. TV Derana‌‌
  7. Swarnavahini‌‌
  8. Sirasa TV‌‌
  9. Shakthi TV‌‌
  10. TV 1‌‌
  11. Hiru TV‌‌
  12. TNL‌‌
  13. Art TV‌‌
  14. Ada Derana 24‌‌
  15. Siyatha TV‌‌
  16. Haritha TV‌‌
  17. TV Didula‌‌
  18. Rangiri Sri Lanka‌‌
  19. U TV Tamil‌‌
  20. The Buddhist‌‌
  21. Shraddha TV‌‌
  22. Damsathara TV‌
  23. Pragna TV‌‌
  24. God TV/Swarga TV‌‌
  25. EWTN/Verbum TV‌‌
  26. Supreme TV‌‌
  27. Hi TV

Source: TRCSL