මේ දිනවල භාතිය ඇතුගේ සහ තවත් වෙඩි වැදුණු අලි, ඇතුන් කිහිප දෙනෙකු නිසා නැවත් සාමාජ මාධ්‍ය තුළ මෙන්ම ප්‍රධාන මාධ්‍ය සියල්ලකම මෙන්ම අලි මිනිස් ගැටුම පිළිබඳව නැවතත් අවධානය යොමු වී තිබෙනවා. Android වැඩකාරයෝ අපිත් සමඟ සිටින ඔබ මෙන්ම මේ අලි මිනිස් ගැටුම පිළිබඳව විමසිලිමත් අයෙකු නම් ඔබ මේ වන විටත් හොදින් දන්නවා ඇති මීට පෙර අප ඔබ වෙත තොරතුරු ගෙන ආ Elephant Journey App එක පිළිබඳව.
එහි නවතම සංස්කරණය නව විශේෂාංග කිහිපයක් සමඟින් Android මෙන්ම Apple Smartphone පරිශිලකයින් වෙත ලබා දීමට එහි සංවර්ධකයින් පසුගිය දිනක කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව මේ නව සංස්කරණය ඔස්සේ ඔබට වන අලි ගැවසීම පිළිබඳව තොරතුරු වාර්තා කිරීම සහ ලබා ගැනීම, අලි මරණ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම, ප්‍රතිකාර අවශ්‍ය අලි/ ඇතුන් පිළිබඳව තොරතුරු වාර්තා කිරීම, වනජීවි අපරාධ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම, අලි මිනිස් ගැටුම නිසා වන දේපළ හානි සහ මිනිස් මරණ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම සහ සීමාසහිත පහසුකමක් ලෙසින් ඇතුන් වාර්තා කිරීම හා ඔවුන්ගේ ගමන් මාර්ග සටහන් කිරීමට ද හැකියාව මෙන්ම එම ගමන් මාර්ග පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව ආදිය ලබා දී තිබෙනවා.
වන අලි ගැවසීම පිළිබඳව තොරතුරු වාර්තා කිරීම සහ ලබා ගැනීම
ප්‍රධාන වශයෙන්, අලි ගැවසෙන ප්‍රදේශවල වන අලියෙක් සිටිනව නම් එම ප්‍රදේශයේ පරිශීලකයන් (අවට 5km දක්වා) දැනුවත් කිරීමට (notification) හැකි අතර සෑම පරිශීලකයෙකුට අලි වාර්තා කර තම ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට හැකිය.

එහි routine alert සේවාව ලෙසින් තමා එදිනෙදා ගමන් ගන්නා මාර්ගය යෙදවුමට ලබා දී එමඟින් එම මාර්ගය අවට ද වන අලි වාර්තා වීමක් සිදු වුවහොත් එය පණිවිඩයක් ලෙසින් යෙදවුම හරහා එම ප්‍රදේශවාසීන්ට ලැබේ.
මෙම වන අලි පිළිබඳව දැනුවත්වීමේ සේවාව Login/ Signup වීමකින් තොරව ලබා ගැනීමට හැකි නමුත් වාර්තා කිරීමට නම් login වීම අත්‍යවශ්‍ය වේ. එය පහසුවෙන් sign in with google ආකරයෙන් ඔබේ ගිණුම තෝරා පහසුවෙන් කළ හැක. එම අත්‍යවශ්‍ය සියලු තොරතුරු මෙහිදී සිංහලෙන් ද දක්වා ඇත.
අලි මරණ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම

එමෙන්ම මෙහිදී ඔබේ ප්‍රදේශයේ සිදුවන අලි මරණ ද වාර්තා කළ හැක. එහිදී ස්ථානය තෝරා මිය ගිය අලි සංඛ්‍යාව මෙන්ම හේතුව ද තෝරා කුඩා විස්තරයක් සමඟින් වාර්තා කළ හැකි වේ. එමඟින් ගම්වාසීන්ට සෘජුව වාසියක් නොලැබෙන නමුත් එමඟින් සංරක්ෂණ කටයුතු මෙන්ම ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම අවම කිරීමට අවශ්‍ය තීරණ ගැනීමට පහසු වේ.
ප්‍රතිකාර අවශ්‍ය අලි/ ඇතුන් පිළිබඳව තොරතුරු වාර්තා කිරීම

තවද ප්‍රතිකාර අවශ්‍ය ආබාධිත අලි/ඇතුන් සිටීනම් ස්ථානය සහ විස්තරයක් සමඟ ම වාර්තා කළ හැකිය. එය පශු වෛද්‍ය කණ්ඩායම්වල ඉතාමත් ම පහසුවන අතර එමඟින් ඉක්මනින් ස්ථානය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට ද හැකිවේ. බොහෝ අලි ඇතුන් සොයාගැනීමේ ප්‍රමාදය නිසා අවසන් මොහොතේ ප්‍රතිකාර ආරම්භ කිරීමට සිදුවනවා. එය මඟ හරවා ගැනීම අපේ බලාපොරොත්තුවයි.
වනජීවි අපරාධ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම

මෙහිදී වනජීවී අපරාධ සහ අනවසර වන එලි පෙහෙලි කිරීම්ද නිර්නාමිකව වාර්තා කළ හැක. එහිදී එය අවශ්‍ය අංශ වෙත පමණක් යොමු කෙරෙන අතර ඒවා වාර්තා කිරීමේ දී පින්තූර ඇතුළත් කිරීම අනිවාර්ය වේ. මෙම සේවාවෙන් අලින්ට තිබෙන වාසස්ථාන විඛණ්ඩනය සිදුවන අවස්ථා අවම කිරීමට අප උත්සාහ කර ඇත. අලි මිනිස් ගැටුම සඳහා ප්‍රධාන හේතුවක් ලෙස මෙම වාසස්ථාන විඛණ්ඩනය මේ වන විට පත්ව ඇත.
අලි මිනිස් ගැටුම නිසා වන දේපළ හානි සහ මිනිස් මරණ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම

අලි මිනිස් ගැටුම නිසා සිදුවන දේපළ හානි සහ මිනිස් මරණ ද වාර්තා කිරීමට මෙහිදී හැකි වේ. එමඟින් ඔවුන්ට පසුව රජය මඟින් ලැබෙන යම් ප්‍රතිලාභ සහ සහයෝගය ලබා දීමට හැකි පුද්ගලයන්ගේ සහයෝගය ද සෘජුව ලබාගත හැක. අදාළ දුරකතන අංකයක් ද සමඟින් ඒවා වාර්තා කළ හැක.
ඇතුන් පිළිබඳව වාර්තා කිරීම

සීමාසහිත පහසුකමක් ලෙසින් ඇතුන් වාර්තා කිරීම හා ඔවුන්ගේ ගමන් මාර්ග සටහන් කිරීමට ද හැකියාවක් ඇත. නමුත් එය සියලු පරිශීලකයන්ට නැරඹිය නොහැක. Premium පහසුකම ලබාගන්නා පුද්ගලයන් අතරින් request කිරීමකින් සහ එය පුද්ගලයන් මඬුල්ලකින් එය තහවුරු කිරීමකින් පසුව හිමිවන පහසුකමකි. මෙමඟින් අලි ඇතුන් පිළිබඳ පුළුල් අධ්‍යනයන් සඳහා භාවිත කිරීමට බලාපොරොත්තු වේ.
මෙම යෙදවුම සඳහා සෑම අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශයකින්ම නිතර වාර්තා ලබාදිය හැකි (active reporters) කණ්ඩායමක් පවත්වාගෙන යාමට බලාපොරොත්තුව වන අතර ඒ සඳහා වන අලි පිළිබඳ ඇල්මක් හෝ මෙම කර්තව්‍යයට සහයෝගය ලබා දීමට කැමති පුද්ගලයන් මෙම whatsapp සමූහයට සම්බන්ධ විය හැකියි.
අලි මිනිස් ගැටුම අවම කර අලි ඇත් ඝාතන සමාජීය මට්ටමෙන් අවම කිරීමට දායක විම අත්‍යවශය වන අතර මේ පිළිබඳව ඉක්මනින් ජනතාව දැනුවත් කර සේවය ලබාදීම මොවුන්ගේ අරමුණ වනවා.
Source: Elephant Journey