Loading...
2030 වර්ෂය වන විට අඟහරු ග්‍රහයා මතට අභ්‍යාවකාශ යානයක් ගොඩ බැස්වීමට කටයුතු කරන බව Elon Musk නිවේදනය කරයි

Tesla සමාගමෙ හි ප්‍රධාන විධායක නිලධාරියා වන Elon Musk නිරන්තරයෙන්ම අලුත් අලුත් දෑ සිදුකිරීමේ උනන්දුවෙන් පසුවන, සාමාන්‍ය මිනිසුන් අතර තරමක් අසාමාන්‍ය පුද්ගලයෙකි.  බොහෝදෙනා Elon Musk හඳුනන්නේ Tesla සමාගමෙ හි විදුලි බලයෙන් ක්‍රියාත්ම වන මෝටර් රථ කරළියට පැමිණීමත් සමගයි. මෙපමණක් නොව Elon Musk තවත් බොහෝ දේ කරයි.

2030 වර්ෂය වන විට අඟහරු ග්‍රහයා මතට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වීම Musk ගේ මීළඟ පරමාර්ථය වන අතර මොහු මේ බව දැනුම් දෙන ලද්දේ මෑතකදි නිකුත් කළ twitter පණිවිඩයක් හරහාය. ඔහුට අනූව අඟහරු මත ගොඩැබැසීම එතරම් අපහසු කටයුත්තක් නොවූවත් ඉන් ඉදිරි කටයුතු සැබැවින්ම ඔහුට අභියෝගයක් වනු ඇත.

පසුගිය දින වලදී නිකුත් වූ වාර්තාවන්ට අනුව මීට සතියකට පමණ පෙර යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මගින් “අනාගත අභ්‍යවකාශ විසඳුම්” අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන බව නිවේදනය කර ඇත. එමෙන්ම 2030 න් පසුව ඇතිවන තරඟකාරී අභ්‍යවකාශ ගමන් වාරයන් දියත් කිරීමේ පද්ධතීන් ආශ්‍රිත හැදැරීම් සිදුකිරීම සඳහා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මගින් ArianeGroup, Avio සහ Rocket Factory Augsburg යන සමාගම් ත්‍රිත්වය සඳහා පිළිවෙලින් ඩොලර් 600,000 බැගින් ලබා දෙනු ඇත.

සැබැවින්ම යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෙම ක්‍රියාන්විතය සිදුකරනු ලබන්නේ Elon Musk ගේ SpaceX හා තරඟ කිරීමට ය.  SpaceX හි නැවත භාවිතා කළ හැකි වියදම අඩු Falcon 9 රොකට්ටුවට මගින් විශාල වියදමක් දරා අභ්‍යවකාශගත කරන චන්ද්‍රිකා වලට වැයවන මුදල් විශාල ලෙස අඩු කරගත හැකිය. එමෙන්ම මිනිසුන් සහිතව සිදුකරන අභ්‍යවකාශ මෙහෙයුම් වැනි වැදගත් ක්ෂේත්‍රයන් හා සසඳා බලන විට යුරෝපය සිටින්නේ SpaceX ට වඩා බොහෝ පිටුපසිනි. 2030 වර්ෂය හා සළකා බලන විටද යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට  SpaceX අභිබවා යාමට නම් ඉතා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත.

Elon Musk ට අඟහරු ග්‍රහයා මත නව රටක් පිහිටුවීටමට ද අවශ්‍යව ඇත

පෙර නිකුත් වූ වාර්තාවන් වලට අනුව Elon Musk ට අඟහරු ග්‍රහයා මත නව රටක් පිහිටුවීමට අවශ්‍යය. එසේම ඔහු SpaceX හි ප්‍රධාන විධායක නිලධාරියා ද වන අතර ඔහු දැනටමත් සිතමින් සිටින්නේ පිටසක්වල ග්‍රහලෝකය මත මිනිසාට ජීවත් විය හැකි ආකාරය කෙබඳුද යන්නයි. කෙසේ නමුත් Musk අඟහරු ග්‍රහයා වෙත ආකාර දෙකකින් යුත් ගමනක් සැලසුම් නොකරයි. එනම් Musk ගේ සිහිනය වන්නේ අඟහරු මත ස්ථිර පදනමක් නිර්මාණය කිරීමයි. කෙසේ වෙතත් මෙම ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීමට පෙර Musk ට යම් යම් අභියෝගයන් කිහිපයක්ම ජය ගැනීමට සිදුවනු ඇත.

අඟහරු ග්‍රහයා මත නිර්මාණය කරන රාජ්‍ය ක්‍රමයන් සඳහා Musk ගේ යෝජනාව පහත පරිදි වේ

“අඟහරු මත සපයනු ලබන සේවාවන් සඳහා, අන්තර් තාරකා අභ්‍යවකාශ යානා හෝ වෙනත් යටත් විජිත අභ්‍යවකාශ යානා මගින් අඟහරු වෙත සපයනු ලබන සේවාවන් සඳහා,  සියලු පාර්ශවයන් අඟහරු යනු නිදහස් ග්‍රහලෝකයක් බව පිළිගත යුතු අතර අඟහරු කෙරෙහි ස්වෛරීභාවය ප්‍රකාශ කිරීමට හෝ ඉල්ලා සිටීමට කිසිදු පෘථිවි රජයකට බලයක් නැත.  එබැවින් අඟහරු ග්‍රහයා පිළිබඳ ආරවුලක් ඇති වූ විට එය යහපත් විශ්වාසයක් මත පදනම් වූ ස්වයං පාලනයේ මූලධර්මය මගින් විසඳනු ඇත"

අඟහරු ග්‍රහයා මත රාජ්‍ය ක්‍රියා පටිපාටි පිළිබඳව Musk සාකච්ඡා කරන ලද පළමු අවස්ථාව මෙය නොවන අතර  මීට වසර කිහිපයකට පෙරද SXSW සමුළුවේදී Musk මෙසේ පවසා ඇත.

“බොහෝ දුරට අඟහරු රජය සෘජුවම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් පිහිටුවනු ඇත.  නියෝජිත රජයක් හරහා තීරණ ගැනීම වෙනුවට ජනතාව කෙලින්ම ප්‍රශ්නවලට ඡන්දය දෙනු ඇත.  සෘජු ප්‍රජාතන්ත්‍රවාදයට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට වඩා දූෂණයට ඇති ඉඩකඩ අඩු බැවින් මෙය වඩා හොඳ යැයි මම සිතමි"

ඉතින් Elon Musk ගෙ මීළඟ පිම්ම කොහොම වෙයිද? ඔයාගෙ අදහස මොකක්ද?

Source :- Gizchina