Loading...
අභ්‍යාවකාශය ජයගත් එමීරයේ කාන්තාවෝ

අභ්‍යාවකාශ යානයක් අඟහරු වටා කක්ෂගත කිරීමට සමත්වූ පස්වැනි රට බවට පත්වීමට පසුගිය දිනක එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හැකියාව ලැබුණා. ඒ ඔවුන්ගේ පළමු අඟහරු මිෂන් එකේ HOPE යානය අඟහරු වටා කක්ෂගත කිරීමෙන්.

පසුගිය අවුරුදු කිහිපයේ මේ මිෂන් එකත් එක්ක ලෝක අවධානය දිනාගත්ත දෙයක් තමයි අරාබි රටක කාන්තාවන්ට අභ්‍යාවකාශ තාක්ෂණය වගේ දෙයක් කරන්න පුළුවන් තරමට වෙනස් වුන ලෝකය ගැන.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාවන් සම්බන්ධ පහල දත්ත සමහරවිට ඔබව පුදුම කරාවි.

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාවන්ගේ සාක්ෂරතාවය 98.5% ක්.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 70% ක් කාන්තාවන්.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ "විද්‍යා-තාක්ෂණ-ඉංජිනේරු-ගණිත (STEM)" අංශවල විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 46% ක් කාන්තාවන්.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යවකාශ ඒජන්සියේ (UAE Space Agency) 45% ක් කාන්තාවන්.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධානම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන Mohammed bin
  • Rashid Space Centre එකේ 42% ක් කාන්තාවන්.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම අභ්‍යවකාශගාමීයා නිර්මාණය කරන UAE’s Astronaut Programme එකේ 70% ක් කාන්තාවන්.
  • අඟහරු වටා කක්ෂගත කරපු Hope මිෂන් එකේ 34% ක් කාන්තාවන්.
  • Hope මිෂන් එකේ Science Team එකේ 80% ක් කාන්තාවන්.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කාන්තා නියෝජනය 20% ක්.

මෙහිදී වඩාත් කතාබහට ලක්වූ චරිතය තමයි Sarah Al-Amiri. මේ ඇය සම්බන්ධ තොරතුරු.

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධූරය දරන්නේ Sarah Al-Amiri.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විද්‍යාඥයින්ගේ කවුන්සිලයේ සභාපති ධූරය දරන්නේ Sarah Al-Amiri.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යවකාශ ඒජන්සියේ සභාපති ධූරය දරන්නේ Sarah Al-Amiri.
  • Hope මිෂන් එකේ නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකරු වන්නේ Sarah Al-Amiri.
  • Hope මිෂන් එකේ Science Team එකේ ප්‍රධානියා වන්නේ Sarah Al-Amiri.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පෘථිවිය වට කක්ෂගත කරන ලද DubaiSat-1 and DubaiSat-2 ප්‍රොජෙක්ට් දෙකේ ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයා වුනෙත් Sarah Al-Amiri.
  • TED ඉවෙන්ට් එකක මුලින්ම කතා කරපු එක්සත් අරාබි එමීර් රාජ්‍යවැසියා වන්නේත් Sarah Al-Amiri.
  • 2020 BBC's 100 Women ලිස්ට් එකට ඇතුල් වෙන්නත් Sarah Al-Amiri ට හැකියාව ලැබුණා.
  • Sarah Al-Amiri කියන්නේ American University of Sharjah College of Engineering එකේ පරිගණක ඉංජිනේරු තාක්ෂණය පිලිබඳ Bachelor’s degree එකක් සහ Master’s degree එකක් ගත්තු කෙනෙක්.
  • ඇයට තවම අවුරුදු 34 යි.

ලෝකයේ පවත්නා සම්මත යැයි හඳුනාගත් ගොඩක් කාරණා වෙනස් කරමින් ලෝකය දිහා සුභවාදීව දකින්න මිනිස්සුන්ට ආදර්ශ සපයන Sarah Al-Amiri සහ එමීරයේ කාන්තාවන්ට ජය.

"ආගම නැති විද්‍යාව සිත් නොගන්නේය, විද්‍යාව නැති ආගම අන්ධ වන්නේය." ඇල්බර්ට් අයින්ස්ටයින්

අන්තර්ජාලය ඇසුරින් ලිපිය සකස් කර ඇත.