Loading...
Android සහ iPhone අතර Encrypted RCS පරීක්ෂණ ඇරඹෙයි

Android සහ iPhone පරිශීලකයින් අතර සිදුවන පණිවිඩ හුවමාරුවේ පෞද්ගලිකත්වය සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් තබමින්, Google සහ Apple සමාගම් එක්ව End-to-End Encrypted RCS පණිවිඩ සේවාව පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. මෙමඟින් Android සහ iOS උපාංග දෙකක් අතර හුවමාරු වන පණිවිඩ වෙනත් කිසිදු පාර්ශවයකට කියවීමට නොහැකි වන පරිදි පූර්ණ ආරක්ෂාවක් සැලසෙනවා.

මීට පෙර 2024 වසරේදී Apple සමාගම RCS තාක්ෂණය හඳුන්වා දුන්නද, ඒ හරහා පණිවිඩ Encryption පහසුකම මෙතෙක් පැවතියේ නැත.

නව විශේෂාංගය හඳුනා ගන්නේ කෙසේද?

පරිශීලකයින්ට තමන් හුවමාරු කරන පණිවිඩ සුරක්ෂිත බව හඳුනා ගැනීම සඳහා නව සලකුණු කිහිපයක් එක් කර තිබෙනවා.

  • iPhone උපාංගවල: පණිවිඩ තිරයේ මධ්‍යයේ “Text Message · RCS | [lock icon] Encrypted” යනුවෙන් කුඩා ඉබ්බෙකුගේ සලකුණක් සමඟින් පණිවිඩය සුරක්ෂිත බව පෙන්වනු ඇත.
  • Google Messages හි: Android පරිශීලකයින් අතර පණිවිඩ හුවමාරුවේදී දිස්වන සුපුරුදු ඉබ්බාගේ සලකුණ (Lock icon) දැන් iPhone පරිශීලකයින් සමඟ කෙරෙන පණිවිඩ හුවමාරුවේදී ද දිස්වනු ඇත.

මෙම පහසුකම ලබා ගන්නේ කෙසේද?

Image Source - 9to5google.com

දැනට මෙම විශේෂාංගය පවතින්නේ Beta මට්ටමේ බැවින් එය දැනට අත්හදා බැලිය හැකි වන්නේ iOS 26.4 Beta 2 සංස්කරණය සහ Google Messages Beta වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින පරිශිලකයින්ට පමණයි. කෙසේ වෙතත් ඉදිරියේදි මේ පහසුකම සියලුම Apple පරිශිලකයින් සඳහා ලැබෙනු ඇතැයි බලපොරොත්තු වෙන්න පුලුවන්.

Source: 9to5google.com